1
ඊශ්‍රායලය සමඟ යුද වැදී සිටින හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් බහුලව භාවිත කරන ‘පේජර්‘ කෙටි පණිවිඩ යන්ත්‍ර තොගයක් එකවර පුපුරා යෑමෙන් එම සංවිධානයේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු 12 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා පස්වරුවේ දකුණු ලෙබනනයේදී මේ විස්මයජනක පේජර් යන්ත්‍ර පිපිරීමෙන් කුඩා දරුවන් දෙදෙනකුට ද ජීවිත අහිමි වූ බව වාර්තා වේ. තවත් තුන්දහසකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර, ඉන් 200කගේ තත්ත්වය බරපතළ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. තුවාල ලැබූ පිරිස අතර ලෙබනනයේ ඉරාන තානාපතිවරයා ද සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ඊශ්‍රායලය සමඟ යුද වැදී සිටින හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන්ගේ ජංගම දුරකතන තරංග ඔස්සේ ඔවුන් සිටින ස්ථාන හඳුනා ගැනීමට ඊශ්‍රායල හමුදාවට හැකියාව ඇති බැවින් පේජර් පණිවිඩ යන්ත්‍ර භාවිත කරන ලෙස මීට මාස කිහිපයකට පෙර එම සංවිධානයේ නායක හසන් නස්රල්ලා උපදෙස් දී තිබූ බවත්, ඒ අනුව එම සංවිධානයේ සියලු සාමාජිකයන් පේජර් යන්ත්‍ර භාවිත කරමින් සිටි බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
තායිවානයේ නිෂ්පාදන සමාගමකින් ඇණවුම් කර තිබූ පේජර් යන්ත්‍ර තොගය ලෙබනනයට නැව්ගත කළ කාලසීමාව සඳහන් නොවූවද, හිස්බුල්ලා සංවිධානයට ලැබීමට පෙර ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි ඒකකය විසින් එහි සියලු පේජර් යන්ත්‍ර ඇතුළත පුපුරණ ද්‍රව්‍ය සඟවන්නට
පේජර් යන්ත්‍ර ළඟ තබාගෙන සිටින පුද්ගලයන් පිපිරීමත් සමඟ බිම ඇද වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ පට රැසක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වෙමින් පවතී.