18
ගාල්ල දිස්ත්‍රික් හොකී සංගමය සංවිධාන කළ ගාල්ල දිස්ත්‍රික් අන්තර් සමාජ විවෘත හොකී තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ඇලෝසියස් හොකී ක්‍රීඩා සමාජය සමත් වූ අතර, කාන්තා ශූරතාව සවුත්ලන්ඩ් හොකී ක්‍රීඩා සමාජයට හිමි විය.
ගාල්ල, දඩැල්ල දිස්ත්‍රික් ක්‍රීඩාපිටියේ පැවති තරගාවලියේ පිරිමි අනුශූරතාව විද්‍යාලෝක හොකී ක්‍රීඩා සමාජයටත් තෙවැනි ස්ථානය රිච්මන්ඩි හොකී ක්‍රීඩා සමාජයත්ට හිමි විය. ගාලු හොකී ක්‍රීඩා සාමාජය කාන්තා අනුශූරතාව දිනාගත් අතර, තෙවැනි ස්ථානය සංඝමිත්තා හොකී ක්‍රීඩා සමාජය සතු විය.
තරගාවලියේ ජය සංකේත ප්රදානය ශ්‍රී ලංකා හොකී සංගමයේ සභාපති පී.විශ්වනාදන්, ගාලු දිස්ත්‍රික් හොකී සංගමයේ හිටපු සභාපති මුරාද් අමිර්දීන්, ගාලු දිස්ත්‍රික් හොකී සංගමයේ සභාපති ඩබ්.එස් ප්‍රේමතිලක, ලේකම් ජී.එච්.ඡේ.කේ. ගනේගොඩ යන මහත්වරුගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි