Home Sport News Room : පළමු ද්විත්ව ශත­කය හලා­වත සාන්ත මරි­යාවේ සති­ෂ්ක­ගෙන්

News Room : පළමු ද්විත්ව ශත­කය හලා­වත සාන්ත මරි­යාවේ සති­ෂ්ක­ගෙන්

0
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ අනු­ග්‍ර­හය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංග­මය විසින් සංවි­ධාන කරන අවු­රුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තර­ගා­ව­ලියේ පළමු ද්විත්ව ශත­කය රැස් කිරී­මට හලා­වත සාන්ත මරියා විදු­හලේ නායක සතිෂ්ක රුක්ෂාන් සමත් විය.

හලා­වත ආනන්ද ජාතික පාසල සමඟ තර­ග­යේදී දකු­ණත් පිති­කරු සතිෂ්ක රුක්ෂාන් පන්දු 171කදී හතරේ පහර 27ක් සහ හයේ පහර 8ක් සමඟ රැස් කළ ලකුණු සංඛ්‍යාව 207කි.

මේ තර­ග­ව­ලදී කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රා­ලය, කැල­ණිය ශ්‍රී ධර්මා­ලෝක සහ මාදම්පා මධ්‍ය මහා විද්‍යා­ලය යන කණ්ඩා­යම් නුගේ­ගොඩ ලයි­සි­යම්, පාන­දුර සාන්ත ජෝන් සහ බළ­පි­ටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විදු­හ­ලට එරෙ­හිව පූර්ණ ජය වාර්තා කළේය. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රා­ලයේ සදෙව් ඉන්දීප නුගේ­ගොඩ ලයි­සි­යම් ජාත්‍ය­න්තර පාස­ලට එරෙ­හිව තුන් ඉරි­යව් දස්කම් දැක්වීය.

 

හලා­වත සාන්ත මරියා විදු­හ­ලට පළමු ඉනිමේ ජය

සා. මරියා පළමු ඉනිම – 374 (ඕ­වර 92.1) සතිෂ්ක රුක්ෂාන් 207, නඳුන් ශානිත 43, අශේන් අල්විස් 34 (ටිරල් දියාන් 98/4, අෆ්රාස් සාහිබ් 68/3, ඕෂධ දිනෙත් 5/2) සහ දෙවැනි ඉනිම – 208/6 (ඕ­වර 48)

සතිෂ්ක රුක්ෂාන් 64, කවිඳු මලිෂ්ක 51, ටිෂාන් රන්දිනු 32 (තරුන් ලොකු­ග­මගේ 31/2, යොහාන් කොබ්බෑ­ක­ඩුව 45/2)

ආනන්ද ජාතික පාසල් පළමු ඉනිම – 130 (ඕ­වර 51.4) උෂාන් ප්‍රනාන්දු 39, කෞශාන් වික්‍ර­ම­නා­යක 26, පසිඳු ධනං­ජය 22 (මිරොන් රෂ්මික 25/5, සමිත ධනං­ජය 9/3, අශේන් අල්විස් 17/2) සහ දෙවැනි ඉනිම – 81/4 (ඕ­වර 15) යොහාන් කොබ්බෑ­ක­ඩුව 31, රවිඳු කාරි­ය­ව­සම් 23 (සමිත ධනං­ජය 13/2)

 

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රා­ල­යට කඩුලු 7ක ජයක්

ආනන්ද ශාස්ත්‍රාල පළමු ඉනිම – 180 (ඕ­වර 60) සදෙව් ඉන්දීප 53, යොහාන් ලක්ෂිත 32, චතුර සිල්වා 25 (අභි­ලාෂ් ශෂි­ධර්ම 13/3, සේතික බාල­සූ­රිය 20/3) සහ දෙවැනි ඉනිම – 20/3 (පන්දු­වාර 5.5)

නුගේ­ගොඩ ලයි­සි­යම් පළමු ඉනිම – 80 (ඕ­වර 38.2) (භානුජ ජය­මාන්න 9/3, සදෙව් ඉන්දීප 19/3, සෙයි­යදු අතීෆ් 24/3) සහ දෙවැනි ඉනිම –  117 (ඕ­වර 45.1) රාහුල් හෙට්ටි­ආ­රච්චි නොදැවී 22 (සදෙව් ඉන්දීප 31/5, නිතිෂ් කම­ල­සූ­රිය 10/2)

 

කැල­ණිය ශ්‍රී ධර්මා­ලෝක විදු­හ­ලට කඩුලු 8ක ජයක්

පාන­දුර සා. ජෝන් පළමු ඉනිම – 117 (ඕ­වර 35) දෙනෙත් පීරිස් 64 (සතිඳු ප්‍රබෝධ 24/4, තිෂාන් නිපුන් 51/3) සහ දෙවැනි ඉනිම – 139 (ඕ­වර 42.3) හිමාෂ් ආදිත්‍ය නොදැවී 51, ගීත්ම ප්‍රනාන්දු 42 (සතිඳු ප්‍රබෝධ 35/4, තෙමිර මිකා­ෂණ 49/4)

ධර්මා­ලෝක පළමු ඉනිම – 204 (ඕ­වර 76.3) ලක්වාන් හෂෙල් 44, ඔමාල් විහඟ 37, මෙවන් රන්දී­පන 30, කවීන් දෙනෙත් 28, හරිඳු මහි­සර 21 (ළසිඳු බණ්ඩාර 36/4, දසුන් ප්‍රනාන්දු 74/3 සහ දෙවැනි ඉනිම – 56/2) (ඕ­වර 18.3) තෙමිර මිකා­ෂණ නොදැවී 44

 

මාදම්පා මධ්‍ය මහ

විදු­හ­ලට කඩුලු 7ක ජයක්

බල­පි­ටිය සිද්ධාර්ථ පළමු ඉනිම – 80 (ඕ­වර 28.2) ජැක් ශාක්‍ය 32 (කවික මධු­ෂාන් 13/4, සහස් අනු­පම 4/2) සහ දෙවැනි ඉනිම – 66 (ඕ­වර 33) වතික සුපේ­ෂල 25 (කවික මධු­ෂාන් 16/5, සුමේධ සම්පත් 13/3, තිලේෂ නෙතුම් 20/2)

මාදම්පා පළමු ඉනිම – 78 (ඕ­වර 32.2) උමේෂ ද සිල්වා 24 (නිරෝෂ නිම්සර 28/2) සහ දෙවැනි ඉනිම – 69/3 (ඕ­වර 18.4) උමේෂ් ද සිල්වා 25, සුමේධ සම්පත් නොදැවී 24 (නිරෝෂ් නිම්සර 18/2)

 

ඉෂානි යද්දෙහි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here