Home World News Room : පේජර් පුපු­රුවා හැරී­මෙන් දිනක් ගත­වී­ම­ටත් පෙර ලෙබ­න­නයේ වෝකි ටෝකිත්...

News Room : පේජර් පුපු­රුවා හැරී­මෙන් දිනක් ගත­වී­ම­ටත් පෙර ලෙබ­න­නයේ වෝකි ටෝකිත් පිපි­රෙයි

0
0

ජංගම දුර­ක­තන හා ලැප්ටොප් පරි­ගණ­කත් පිපි­රිලා

මියගිය ගණන 25යි: තවත් 600කට තුවාල

නිවාස-ගොඩ­නැ­ඟිලි සහ මෝටර් රථ­ව­ල­ටත් හානි

පිපි­රී­මට ලක්වූයේ වසර 10කට පෙර නිෂ්පාදනය අත්හි­ටවූ වෝකි ටෝකි

ලෙබ­න­නයේ පේජර් පණි­විඩ යන්ත්‍ර පිපි­රීමේ සිදු­වී­මෙන් දිනක් ගත­වී­ම­ටත් පෙර හෙස්බුල්ලා සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන් සතු වෝකි ටෝකී යන්ත්‍ර විශාල ප්‍රමා­ණ­යක් එකවර පිපිරී යෑමෙන් හෙස්බුල්ලා සාමා­ජි­ක­යන් ඇතුළු පුද්ග­ල­යන් 25 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු ලෙබ­න­නයේ පෙරේදා පස්ව­රුවේ සිදුවූ එම වෝකි ටෝකී පණි­විඩ යන්ත්‍ර පිපි­රී­මෙන් 708 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

පසු­ගි­යදා සිදුවූ පේජර් යන්ත්‍ර පිපි­රී­මෙන් මියගිය පිරි­සගේ අව­සන් කට­යුතු සිදු­වෙ­මින් පැවැති ස්ථාන­වල අධික ජන­තා­වක් එක්රැස්ව සිටි බවත්, වෝකි ටොකී යන්ත්‍ර පිපි­රී­මෙන් වැඩි­දෙ­නකු මිය යෑමට සහ තුවාල ලැබී­මට එය හේතු වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. එම සිදු­වීම් ද්විත්වය හේතු­වෙන් මිය­ගිය පිරිස 37ක් බවත්, තුවාල ලැබූ පිරිස තුන්ද­හ­ස­කට අධික බවත් ලෙබ­න­නයේ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය සඳ­හන් කර ඇතැයි වාර්තා වේ. වෝකි ටෝකී පණි­විඩ පද්ධති පිපි­රීම පේජර් යන්ත්‍ර පිපි­රීමේ සිදු­වී­මට වඩා බර­ප­තළ වූ බවත්, එම පිපි­රී­ම්ව­ලින් නිවාස, ගොඩ­නැ­ඟිලි සහ මෝටර් රථ විශාල ප්‍රමා­ණ­යක්ද ගිනි­ගෙන විනාශ වූ බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ. විනා­ශය බර­ප­තළ වී ඇත්තේ වෝකි ටෝකී යන්ත්‍ර පම­ණක් නොව මෝටර් රථ­වල රේඩියෝ, ලැප්ටොප් පරි­ග­ණක සහ ජංගම දුර­ක­තන රැසක් ද පිපි­රී­මට ලක්වීම හේතු­වෙන් බව ලෙබ­න­නයේ මාධ්‍ය වාර්තා කළේය.

පිපි­රී­මට ලක්වී ඇත්තේ ජපා­නයේ නිෂ්පා­දිත වෝකි ටෝකි පණි­විඩ යන්ත්‍ර තොග­යක් බව වාර්තා වුවද, එම වර්ගයේ වෝකි ටෝකී යන්ත්‍ර නිප­ද­වීම වසර 10කට පෙර අත්හි­ටවූ බව ජපාන නිෂ්පා­දන සමා­ගම නිවේ­ද­නය කර ඇතැයි ද වාර්තා වේ.

එම සිදු­වීම් ද්විත්ව­යම ඊශ්‍රා­ය­ලයේ අව­ශ්‍ය­තාව මත මොසාඩ් ඔත්තු සේවය විසින් සිදු කළ බවට හෙස්බුල්ලා සංවි­ධා­නය සහ ලෙබ­නන් රජය චෝදනා කර ඇති අතර, එම චෝද­නා­ව­ලට ඊශ්‍රා­ය­ලය මෙතෙක් ප්‍රති­චාර දක්වා නැති බවත් වාර්තා වේ. එසේ වුවද ඊශ්‍රා­ය­ලය ගාසා යුද්ධය නව අදි­ය­රක් ආරම්භ කළ බවට එරට ආර­ක්ෂක ඇමැති යෝව් ගැලන්ට් නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

එම ප්‍රහාර ද්විත්වය පිළි­බඳ ලෙබ­න­නයේ ඉල්ලීම පරිදි එක්සත් ජාතීන්ගේ ආර­ක්ෂක මණ්ඩ­ලයේ හදිසි රැස්වී­මක් කැඳවා ඇති අතර, කලා­පයේ වත්මන් ආර­ක්ෂක තත්ත්වය පිළි­බඳ එහිදී සාකච්ඡා කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර වහාම ක්‍රියා­ත්මක වන පරිදි පේජර් හෝ වෝකි ටෝකී යන්ත්‍ර රැගෙන යෑම ලෙබ­න­නයේ සියලු ගුව­න් ම­ගීන්ට තහ­නම් කිරී­මට එරට සිවිල් ගුවන් සේවා අධ්‍ය­ක්ෂ­ව­රයා පිය­වර ගෙන ඇත. හෙස්බුල්ලා සංවි­ධා­න­යට එල්ල වූ අන­පේ­ක්ෂිත ප්‍රහා­ර­මා­ලා­වෙන් එම සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන් අතර සන්නි­වේ­ද­නය මුළු­ම­නින්ම බිඳ වැටී ඇති අතර, ඊයේ පස්ව­රුවේ එම සංවි­ධා­නයේ නායක හසන් නස්රල්ලා එම ප්‍රහාර සම්බ­න්ධව විශේෂ ප්‍රකා­ශ­යක් සිදු කිරී­මට නිය­මි­තව සිටි බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here