Home World News Room : ආර්ථික අර්බු­ද­යෙන් යටි­තල පහ­සු­කම් සීමා වී බලු­කි­ස්තා­නයේ පාසල් 3694ක්...

News Room : ආර්ථික අර්බු­ද­යෙන් යටි­තල පහ­සු­කම් සීමා වී බලු­කි­ස්තා­නයේ පාසල් 3694ක් වැසෙයි

1
0

ප්‍රමා­ණ­වත් යටි­තල පහ­සු­කම් සැප­යී­මට රජය අස­ම­ත් වීම හේතු­වෙන් පාකි­ස්තා­නයේ බලු­කි­ස්තාන ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 35ක පාසල් 3694ක් වසා දමා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රාන්තයේ දිස්ත්‍රි­ක්ක­වල පාසල් රැසක විදු­ලිය, සනී­පා­ර­ක්ෂක පහ­සු­කම්, තාප්ප වැනි මූලික පහ­සු­කම් පවා නැති බවත්, ගුරු හිඟය දැඩි ලෙස බලපා ඇති බවත් එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

මේ වන විට පාකි­ස්තා­නයේ පව­තින දැඩි ආර්ථික අර්බු­දය හේතු­වෙන් මධ්‍යම රජ­යෙන් ප්‍රාන්ත­ව­ලට සප­යනු ලබන ප්‍රති­පා­දන සීමා කර ඇතැයි ද, එරට ප්‍රාන්ත අතු­රින් ගැටලු රැසක් ඇති බලු­කි­ස්තාන ප්‍රාන්ත­යට එය දැඩි ලෙස බල­පෑම් එල්ල කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

වසර ගණ­නා­වක් පුරා පාකි­ස්තා­නයේ සාක්ෂ­ර­තාව දුර්වල මට්ට­මක පව­තින බවත්, ආර්ථික අර්බු­දය හේතු­වෙන් පාසල් අධ්‍යා­ප­න­යට ප්‍රමා­ණ­වත් යටි­තල පහ­සු­කම් නොලැ­බී­මෙන් එම තත්ත්වය තවත් ඉහළ යනු ඇති බවත් පාකි­ස්තා­නයේ විද්ව­තුන් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here