19
මෙවර පැවැත්වෙන 09 වැනි ජනාධිපතිවරණයෙන් පසුව ඔක්තෝබර් 26 වැනි දින ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පුංචි මැතිවරණය පැවැත්වෙනු ඇත.
ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ඉකුත් 03 ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.
නාමයෝජනා භාර ගැනීම ද මේ වන විට සිදුකර අවසන්ය. ඇල්පිටිය මැතිවරණ කොට්ඨාසයට අයත් ඡන්ද මධ්‍යස්ථාන 48 ඡන්ද විමසීම සිදුකෙරේ.
ඒ අතරින් කාන්තා නියෝජනය 09කි. පිළිගත් දේශපාලන පක්ෂ 10ක් හා ස්වාධීන කණ්ඩායම් 02ක් ඇප මුදල් තැන්පත් කළ ද නාමයෝජනා භාර දෙනු ලැබුවේ පිළිගත් දේශපාලන පක්ෂ 8ක් හා ස්වාධීන කණ්ඩායම් එකක් බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා ‘දිනමිණ’ කළ විමසුමකට පිළිතුරු දෙමින් පැවැසුවේය.
නාමයෝජනා භාර ගැනීමේ නිවේදනය ඉකුත් මස 26 වැනිදා ඇල්පිටිය ප්‍රාදේශීය සභා තේරීම් භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධියට පත් කර තිබුණි. විරෝධතා අනුව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හා ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා ප්‍රතික්ෂේප විය. දෙවැනි පරපුර හා ජාතික ජනතා පක්ෂයේ නම් දෙක ප්‍රතික්ෂේප විය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව ඡන්දදායකයන් 55,643ක් සුදුසුකම් ලබා ඇත. එලෙස සුදුසුකම් ලබා ඇත්තේ 2018 වර්ෂයේ ඡන්දදායක ලියාපදිංචි කිරීමේ නාමලේඛනයට අනුවය.
ඉදිරි මැතිවරණය වෙනුවෙන් සියලු කටයුතු සූදානම් කර ඇත. ඔක්තෝබර් 26 වැනිදා පුංචි ඡන්දය පැවැත්වෙනු ඇත.
1982, 1988, 1994, 1999, 2005, 2010, 2015, 2019 වර්ෂවලදී පැවැත්වූ ජනාධිපතිවරණවලින් පසුව පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වුවත් මෙවර 09 වැනි ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසුව යළි ඔක්තෝබර් 26 වැනිදා ඇල්පිටිය ප්‍රා.සභා මැතිවරණය පැවැත්වීම මෙරට මැතිවරණ ඉතිහාසයට එක්වනු ඇති බව පැවසේ.
මැද කොළඹ සමූහ – ආරියරත්න ගනේගොඩ