දැඩි ආර්ථික අර්බුදයකට මැදිවී සිටින පාකිස්තානයේ තිරිඟු පිටි හිඟයක් ද මතුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට ගිල්ගිට් බල්ටිස්තාන් කලාපයේ පැතිරී යන තිරිඟු පිටි හිඟයට එරෙහිව විරෝධතාවක් ද පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. රජයේ ක්‍රියාකලාපය හේතුවෙන් බල්ටිස්තාන් කලාපයේ ජනතාව ආහාර අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි කියමින් විරෝධතාකරුවන් උද්ඝෝෂණය කර ඇති අතර, තිරිඟු හිඟය විසඳීමට රජයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව ද වාර්තා වේ.
ඉල්ලීම් ඉටු වන තුරු අඛණ්ඩව විරෝධතාවක නිරත වන බවට ද ඔවුන් අනතුරු අඟවා ඇති අතර, දැනටමත් විදුලි අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්තානයට ආහාර අර්බුදයකට මුහුණ දීමට තරම් මූල්‍ය ශක්තියක් නැති බවට ද චෝදනා එල්ල වී තිබේ. මීට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ද එම කලාපයේ මතුවෙමින් පවතින බැවින් රජය කඩිනමින් විසඳුම් සෙවිය යුතු බවත්, ජන ජීවිතය දුෂ්කරතාවයෙන් මුදා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතුව ඇති බවත් විරෝධතාකරුවන් පාකිස්තාන රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
The post පාකිස්තානයේ තිරිඟු පිටි හිඟයක් appeared first on දිනමිණ.