Home Politics News Room : පොහො­ට්ටුවේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් තුන්දෙ­න­කුගේ පක්ෂ සාමා­ජි­ක­ත්වය තහ­නම්

News Room : පොහො­ට්ටුවේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් තුන්දෙ­න­කුගේ පක්ෂ සාමා­ජි­ක­ත්වය තහ­නම්

0
0

ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් තිදෙ­න­කුගේ පක්ෂ සාමා­ජි­ක­ත්වය අත්හි­ටු­වී­මට එම පක්ෂ පිය­වර ගෙන තිබේ.

ඒ අනුව අනු­රා­ධ­පුර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍ර­සේන, රත්න­පුර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රිනී පවි­ත්‍රා­දේවි වන්නි­ආ­රච්චි සහ කළු­තර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන මහත්ම මහ­ත්මීන්ගේ පක්ෂ සාමා­ජි­ක­ත්වය මෙලෙස අත්හි­ටුවා ඇත.

පසු­ගිය ජූලි මස 29 වැනි දින රැස්වූ පොදු ජන පෙර­මුණේ දේශ­පා­ලන මණ්ඩල රැස්වී­මේදී එම පක්ෂයේ අපේ­ක්ෂ­ක­යාට සහාය පළ කිරී­මට ගත් තීර­ණ­යට එරෙ­හිව යමින් වෙනත් අපේ­ක්ෂ­ක­යෙ­කුට සහාය පළ කිරීම හේතු­වෙන් ඔවුන්ගේ පක්ෂ සාමා­ජි­ක­ත්වය මෙලෙස අත්හි­ටුවා තිබේ.

පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවේ, විධා­යක සභාවේ සහ දේශ­පා­ලන මණ්ඩ­ලයේ සාමා­ජි­ක­ත්වය මෙන්ම පක්ෂයේ ජාතික කැඳ­වු­ම්කාර ධුරය ද අත්හි­ටුවා ඇති බවද ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ පව­සයි.

එම මන්ත්‍රී­ව­රුන්ගේ පක්ෂ සාමා­ජි­ක­ත්වය අත්හි­ටු­වීම සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ මහ­ලේ­කම්, පාර්ලි­මේන්තු මන්ත්‍රී සාගර කාරි­ය­ව­සම් මහතා විසින් ඒ පිළි­බ­ඳව ලිඛි­තව දැනුම් දී තිබේ.

මහින්ද අලු­ත්ගෙ­දර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here