20
ඉන්දියාව සමඟ චෙන්නායිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සංචාරක බංග්ලාදේශ පිලේ පළමු ඉනිම ලකුණු 149කට සීමා විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 376ක් රැස් කළ අතර, ඒ අනුව පළමු ඉනිමෙන් ඉන්දියාවට ලකුණු 227ක වාසියක් අත්විය. ඊයේ දෙවැනි දිනයට තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය පිල කඩුලු 3ක් දැවී ලකුණු 81ක් රැස් කර සිටි අතර, ඒ අනුව ඔවුන් බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 308ක් ඉදිරියෙන් සිටියේය.
ලකුණු 32ක් රැස් කළ ශකීබ් අල් හසන් බංග්ලාදේශ පළමු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, පන්දු යැවීමේදී ජස්ප්‍රීට් බුම්රා කඩුලු 4ක්, රවින්ද්‍ර ජඩේජා, අකාෂ් දීප් සහ මොහොමඩ් සිරාජ් කඩුලු 2 බැගින් බිඳ දැමූහ.
අද තරගයේ තෙවැනි දිනයයි.
ඉන්දීය පළමු ඉනිම – 376 (ඕවර 91.2) රවිචන්ද්‍රන් අශ්වින් 113, රවින්ද්‍ර ජඩේජා 86, යශෂ්වි ජයිස්වාල් 56 (හසන් මහමුද් 83/5, ටස්කින් අහමඩ් 55/3) සහ දෙවැනි ඉනිම – 81/3 (ඕවර 23)
බංග්ලාදේශ පළමු ඉනිම – 149 (ඕවර 47.1) ශකීබ් අල් හසන් 32 (ජස්ප්‍රීට් බුම්රා 50/4, රවින්ද්‍ර ජඩේජා 19/2, අකාෂ් දීප් 19/2, මොහොමඩ් සිරාජ් 30/2)