Home Sport News Room : බොරැල්ල සීවලී මධ්‍ය මහා විද්‍යා­ල­යේ 90 සමරා ක්‍රිකට් තර­ගා­ව­ලි­යක්

News Room : බොරැල්ල සීවලී මධ්‍ය මහා විද්‍යා­ල­යේ 90 සමරා ක්‍රිකට් තර­ගා­ව­ලි­යක්

1
0

බොරැල්ල සීවලී මධ්‍ය මහා විද්‍යා­ල­යට වසර 90ක් සැප­රීම මුල්ක­ර­ගෙන ආදි ශිෂ්‍ය සංග­මය විසින් සංවි­ධා­නය කළ සැහැල්ලු පන්දු ක්‍රිකට් තර­ගා­ව­ලිය බේස්ල­යින් පාරේ පිහිටි දුම්රිය ක්‍රීඩාං­ග­න­යේදී පැවැ­ත්විණි.

විසිරී සිටින ආදි සිසුන් පාසලේ සංව­ර්ධන කට­යුතු සඳහා ඒක­රා­ශී­කර ගැනීමේ අර­මු­ණින් මෙවර මෙම ක්‍රිකට් තර­ගා­ව­ලිය පව­ත්ව­න්නට යෙදුනේ සිව් වැනි වර­ටය.

කණ්ඩා­යම් 16ක් තරග වැදුණු මෙවර ක්‍රිකට් තර­ගා­ව­ලියේ සමා­ර­ම්භක උත්ස­වයේ ප්‍රධාන ආරා­ධි­තයා ලෙස සහ­භාගි වූයේ පොලිස් පරී­පා­ලන අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ලලිත් පති­නා­යක මහ­තාය. සම්භා­ව­නීය ආරා­ධි­තයා ලෙස සහ­භා­ගි­වූයේ හිටපු කථා­නා­ය­ක­ව­ර­යෙක් වන එම්.එච්. මොහො­මඩ් මහ­තාගේ මුණුු­බුරා වන ව්‍යාපා­රික ෆසාල් හමීඩ් මහ­තාය.

විද්‍යා­ල­යීය විදු­හ­ල්පති ජී.එච්. අනුර , නියෝජ්‍ය විදු­හ­ල්පති ලිය­නගේ මිලින්ද නියෝජ්‍ය විදු­හ­ල්ප­තිනි කාන්ති කළු­ආ­රච්චි ඇතුළු විශ්‍රා­මික ගුරු­ව­රු­න්ගේද ආදි සිසු­න්ගේද සහ­භා­ගි­ත්ව­යෙන් පැවති මේ ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශූර­තා­වය හිමි­ක­ර­ගත්තේ – golden legends eagles 50 to 90 කණ්ඩා­ය­මයි. අනු­ශූ­ර­තාව දිනා­ගනු ලැබුවේ dangerous 93 කණ්ඩා­ය­මයි. තෙවැනි ස්ථානය හිමි­කර ගත්තේ super guns 2015 කණ්ඩා­ය­මයි.

අව­සන් මහා තර­ගය dangerous 93 කණ්ඩා­යම සහ golden legends eagles 50 to 90 කණ්ඩා­යම අතර පැව­ත්විණි. එහි­දී golden legends eagles 50 to 90 කණ්ඩා­යම මුලින්ම පන්දු­වට පහ­ර­දෙ­මින් ඕවර 5ක් තුළ එක් කඩු­ල්ලක් පම­ණක් දැවී ලකුණු 32ක් රැස්කර ගත්තේය. පිළි­තුරු ඉනි­මට ක්‍රීඩා කර­මින් dangerous 93 කණ්ඩා­යම ඕවර 5ක් තුළදී කඩුලු තුනක් දැවී ලකුණු 26ක් පම­ණක් රැස්කර ගැනී­මට සමත් විය. ඒ අනුව golden legends eagles 50 to 90 කණ්ඩා­යම ලකුණු 5ක තියුණු ජයක් හිමි­කර ගත්තේය.

මේ තර­ගා­ව­ලියේ දක්ෂ­තම පිති­කරු ලෙස අනුර ගෝමස් (dangerous 93 කණ්ඩා­යම), තර­ගා­ව­ලියේ දක්ෂ­තම පිති­කා­රිය – සන්ධ්‍යා (dangerous 93 කණ්ඩා­යම), තර­ගා­ව­ලියේ දක්ෂ­තම පන්දු යවන්නා – චමින්ද සිල්වා (golden legends eagles 50 to 90 කණ්ඩා­යම), තර­ගා­ව­ලියේ දක්ෂ­තම පන්දු යව­න්නිය -රාම­ක්‍රි­ෂ්ණන් ජෙය­ලක්ෂ්මි (golden legends eagles 50 to 90 කණ්ඩා­යම), අව­සන් තර­ගයේ සහ තර­ගා­ව­ලියේ වීරයා ලෙස චන්දන ධන­පාල (golden legends eagles 50 to 90 කණ්ඩා­යම) සම්මාන දිනා ගත්හ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සැහැ­ල්ලු­පන්දු විනි­සු­රු­ව­රුන් වන හසිත පෙරේරා, එම්.ඒ.එම්. ෆායිස්, ඔසාන් ඉෂන්ක තරග විනි­සු­රු­ව­රුන් ලෙස කට­යුතු කරනු ලැබූහ.

තෑගි බෙදා­දීමේ උත්ස­වයේ ප්‍රධාන ආරා­ධි­ත­ත­යන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ක්‍රීඩක හා ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු වේග­පන්දු පුහු­ණු­කරු අනූෂ සම­ර­නා­යක, විදු­හ­ල්පති ජී.එච්. අනුර, නියෝජ්‍ය විදු­හ­ල්පති ලිය­නගේ මිලින්ද සහ ෆසාල් හමීඩ් යන මහ­ත්වරු සහ­භාගි වූහ.

Sop100_compressed

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here