11
බොරැල්ල සීවලී මධ්‍ය මහා විද්‍යාලයට වසර 90ක් සැපරීම මුල්කරගෙන ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය බේස්ලයින් පාරේ පිහිටි දුම්රිය ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
විසිරී සිටින ආදි සිසුන් පාසලේ සංවර්ධන කටයුතු සඳහා ඒකරාශීකර ගැනීමේ අරමුණින් මෙවර මෙම ක්‍රිකට් තරගාවලිය පවත්වන්නට යෙදුනේ සිව් වැනි වරටය.
කණ්ඩායම් 16ක් තරග වැදුණු මෙවර ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ පොලිස් පරීපාලන අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාය. සම්භාවනීය ආරාධිතයා ලෙස සහභාගිවූයේ හිටපු කථානායකවරයෙක් වන එම්.එච්. මොහොමඩ් මහතාගේ මුණුුබුරා වන ව්‍යාපාරික ෆසාල් හමීඩ් මහතාය.
විද්‍යාලයීය විදුහල්පති ජී.එච්. අනුර , නියෝජ්‍ය විදුහල්පති ලියනගේ මිලින්ද නියෝජ්‍ය විදුහල්පතිනි කාන්ති කළුආරච්චි ඇතුළු විශ්‍රාමික ගුරුවරුන්ගේද ආදි සිසුන්ගේද සහභාගිත්වයෙන් පැවති මේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකරගත්තේ – golden legends eagles 50 to 90 කණ්ඩායමයි. අනුශූරතාව දිනාගනු ලැබුවේ dangerous 93 කණ්ඩායමයි. තෙවැනි ස්ථානය හිමිකර ගත්තේ super guns 2015 කණ්ඩායමයි.
අවසන් මහා තරගය dangerous 93 කණ්ඩායම සහ golden legends eagles 50 to 90 කණ්ඩායම අතර පැවත්විණි. එහිදී golden legends eagles 50 to 90 කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙමින් ඕවර 5ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 32ක් රැස්කර ගත්තේය. පිළිතුරු ඉනිමට ක්‍රීඩා කරමින් dangerous 93 කණ්ඩායම ඕවර 5ක් තුළදී කඩුලු තුනක් දැවී ලකුණු 26ක් පමණක් රැස්කර ගැනීමට සමත් විය. ඒ අනුව golden legends eagles 50 to 90 කණ්ඩායම ලකුණු 5ක තියුණු ජයක් හිමිකර ගත්තේය.
මේ තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස අනුර ගෝමස් (dangerous 93 කණ්ඩායම), තරගාවලියේ දක්ෂතම පිතිකාරිය – සන්ධ්‍යා (dangerous 93 කණ්ඩායම), තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – චමින්ද සිල්වා (golden legends eagles 50 to 90 කණ්ඩායම), තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය -රාමක්‍රිෂ්ණන් ජෙයලක්ෂ්මි (golden legends eagles 50 to 90 කණ්ඩායම), අවසන් තරගයේ සහ තරගාවලියේ වීරයා ලෙස චන්දන ධනපාල (golden legends eagles 50 to 90 කණ්ඩායම) සම්මාන දිනා ගත්හ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සැහැල්ලුපන්දු විනිසුරුවරුන් වන හසිත පෙරේරා, එම්.ඒ.එම්. ෆායිස්, ඔසාන් ඉෂන්ක තරග විනිසුරුවරුන් ලෙස කටයුතු කරනු ලැබූහ.
තෑගි බෙදාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතතයන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ක්‍රීඩක හා ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු වේගපන්දු පුහුණුකරු අනූෂ සමරනායක, විදුහල්පති ජී.එච්. අනුර, නියෝජ්‍ය විදුහල්පති ලියනගේ මිලින්ද සහ ෆසාල් හමීඩ් යන මහත්වරු සහභාගි වූහ.
Sop100_compressed