26
ආර්ථික අර්බුදයෙන් දැඩි පීඩාවට පත්ව සිටින පාකිස්තාන ජාතිකයන් ආගමික වන්දනාකරුවන් ලෙස මැදපෙරදිග රටවලට සංක්‍රමණය වීම වර්ධනය වී ඇතැයි ‘ටයිම්ස් ඔෆ් ඕමාන්‘ පුවත් සේවය වාර්තා කළේය. එම රටවලට සංක්‍රමණය වන බහුතරයකට රැකියාවක් සඳහා අත්දැකීම් හෝ සුදුසුකම් නැති බැවින් ඔවුන් යාචකයන් ලෙස වීදි පුරා රස්තියාදු වෙමින් සිටින බවත් ‘ටයිම්ස් ඔෆ් ඕමාන්’ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
මැදපෙරදිග බොහෝ රටවල පාකිස්තාන යාචකයන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම එම රටවල පාර්ලිමේන්තුවේ ද සාකච්ඡාවට ලක් වී ඇතැයි ද, එම ගැටලුව විසඳීමට පියවර ගත යුතු බවට එකඟතාව පළ කර ඇතැයි ද වාර්තා වේ. එම යාචකයන් අතර සැලකිය යුතු කාන්තාවන් සංඛ්‍යාවක් සිටින බව ද වාර්තා වේ.
මෑත කාලයේ මැදපෙරදිග රටවල යාචකයන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 90%ක්ම පාකිස්තාන ජාතිකයන් බව හෙළිවී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
මතුවී ඇති අර්බුදය හේතුවෙන් ආගමික අරමුණු සඳහා වීසා බලපත් නිකුත් කිරීමේදී වැඩි අවධානයක් යොමු කිරීමටත් මැදපෙරදිග රටවල දැඩි අවධානය යොමු වී ඇති අතර, එම රටවල ව්‍යාපාරිකයන් සහ ඉහළ වෘත්තිකවේදීන් ලෙස කටයුතු කරන පාකිස්තාන ජාතිකයන්ගේ කීර්තිනාමයට ද බලපාන සංකීර්ණ ගැටලුවක් වී ඇතැයි වාර්තා වේ.