18
හෙස්බුල්ලා සංවිධානයේ නායක නස්රුල්ලා පේජර් ඇණවුම් කිරීමට පෙර ඊශ්‍රායලය ජාත්‍යන්තර පේජර් යන්ත්‍ර නිෂ්පාදන සමාගමක් ලෙස පෙනී සිටින සමාගමක් පිහිටුවා තිබූ බව නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. හංගේරියාවේ බෙල්ෆාස්ට් නුවර පිහිටා ඇති බීඒසී නමැති එම සමාගම තායිවාන පේජර් නිෂ්පාදන සමාගමේ සැපයුම්කරුවකු ලෙස ලියාපදිංවි වී ඇත්තේ ද මීට වසර තුනකට පෙර බව නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ජාත්‍යන්තර බුද්ධි නිලධාරින්ගේ වාර්තාවකට අනුව එය ඊශ්‍රායලයේ සැලසුම් සඳහා පිහිටුවනු ලැබූ සමාගමක් බවත්, එම සමාගමට අනුයුක්තව සේවය කරන මොසාඩ් සංවිධානයේ සාමාජිකයන් ද සිටි බවත් වැඩිදුරටත් වාර්තා වේ.
තායිවාන සමාගමට ලැබුණු හෙස්බුල්ලා සංවිධානයේ ඇණවුම සඳහා හංගේරියානු සමාගම නිපදවනු ලැබූ එම පේජර් යන්ත්‍ර සාමාන්‍ය යන්ත්‍රවලට වඩා වෙනස් බවත්, එම පේජර් යන්ත්‍රවල බැටරිය අසළ PENT කෙටි නාමයෙන් හඳුන්වනු ලබන පුපුරන ද්‍රව්‍ය අවුන්ස කිහිපයක් අටවා නිෂ්පාදනය කර ඇති බවත් ජාත්‍යන්තර බුද්ධි නිලධාරින්ගේ අදහස බව නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය සඳහන් කළේය.
පේජර් යන්ත්‍ර පිපිරීමට සැලැස්වීම සඳහා හෙස්බුල්ලා නායකයා විසින් යවනු ලැබු බවට ඇඟවෙන කෙටි පණිවිඩයක් අරාබි බසින් සියලු සාමාජිකයන් සතු පේජර් යන්ත්‍රවලට යවා ඇතැයිද, එම මෙහෙයුම සඳහා ඊශ්‍රායල ආරක්ෂක හමුදාව යටතේ ක්‍රියාත්මක වන Unit 8200 නමැති ඊශ්‍රායල බුද්ධි බළකායේ සහායත් ලැබී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.