7
කොවිඩ් වයිරසයේ ව්‍යාප්තිය චීනයෙන් සිදුවූ බවට ලැබී ඇති තොරතුරුවලට අනුව එහි සැබෑ ආරම්භය යළි විමර්ශනයට ලක් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහලේකම් ටෙඩ්‍රොස් අදනොම් ප්‍රකාශ කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහලේකම්වරයා මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ ගෝලීය වශයෙන් වරින් වර හිස ඔසවන කොවිඩ් ප්‍රභේදවල මූලාරම්භය පුළුල් ලෙස විමර්ශනය කිරීමට ජාත්‍යන්තර අවධානය යොමු කරමින් ගෝලීය රාමුවක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවය. මීට වසර තුනකට පෙර කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීමෙන් පසු එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීනයට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කිරීමෙන් ජාත්‍යන්තර විවේචනයට ලක් වී සිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහලේකම්වරයා මේ වන විට සිය අදහස වෙනස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් වයිරසයේ මූලාරම්භය යළි විමර්ශනය ප්‍රකාශයට පත් කිරීම සාමාජික රටවල සහයෝගය මත රඳා පවතින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.