18
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රුවෙයිස් ප්‍රදේශයේ තෙල් නිධි ගවේෂණය කිරීමට සහ එහි සංවර්ධන කටයුතු සිදු කිරීමට එරට මූල්‍ය හා ආර්ථික කටයුතු සඳහා වන අබුඩාබි උත්තරීතර කවුන්සිලයෙන් අවසර ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට රුවෙයිස් ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා කිලෝමීටර් 6,162 දක්වා භූමි භාගයක එම සංවර්ධන කටයුතු සඳහා අවසර ලබා දී ඇත්තේ ඉන්දියන් ඔයිල් සමාගමට සහ භාරත් පෙට්‍රෝලියම් සමාගමට බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
තෙල් සහ ගෑස් සම්පත් ඇතුළත් නොදියුණු ප්‍රදේශයක් වන රුවෙයිස් හි තෙල් ගවේෂණ කටයුතු සිදු කිරීමට අවසර දීමට එරට රජය තීරණය කර ඇත්තේ එමිරේට්ස් හි තිරසර ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කරමින් හයිඩ්‍රොකාබන් අංශය පුළුල් කිරීමට බව ද වාර්තා වේ.
තිරසර බලශක්ති ඉල්ලුම සපුරාලීමේ ඉන්දීය ඉලක්කය අරමුණු කරමින් උපරිම ධාරිතාවයෙන් යුතුව ඉන්ධන නිෂ්පාදන ක්‍රියාවලියට දායකත්වය දීම සඳහා ඉන්දියාව සහ එමිරේට්ස් රාජ්‍ය අතර මේ සඳහා ගිවිසුම් අත්සන් කළ බවත් වැඩිදුරටත් වාර්තා වේ.