Home World News Room : බලහත්කාරයෙන් පැහැරගෙන යෑම්වලට එරෙහිව ජිනීවා යන බවට පාකිස්තාන රජයට...

News Room : බලහත්කාරයෙන් පැහැරගෙන යෑම්වලට එරෙහිව ජිනීවා යන බවට පාකිස්තාන රජයට අනතුරු ඇඟවීමක්

0
0

පාකිස්තානය බුද්ධි අංශය මගින් ජම්මු කාශ්මීර ප්‍රාන්තයෙන් බලහත්කාරයෙන් පැහැරගෙන ගිය සියලු පුද්ගලයන් දින 7ක් ඇතුළත නිදහස් කරන ලෙස එම කලාපයේ ජාතික සමානතා පක්ෂයේ සභාපති මහාචාර්ය සජ්ජාඩ් රාජා පාකිස්තාන රජයට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේ නොවන්නේ නම් ජිනීවා නුවර ජාත්‍යන්තර සමුළුවක් පවත්වා පාකිස්තාන රජය සිදු කරන මානව හිමිකම් අවභාවිතය ගැන තොරතුරු හෙළි කරන බවට තර්ජනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් මහාචාර්යවරයා සඳහන් කර ඇත්තේ බලහත්කාරයෙන් පැහැරගත් සියලුම ජම්මු කාශ්මීර් ප්‍රාන්ත වැසියන් නිදහස් කරන ලෙස රජයට විශේෂයෙන් අයිඑස්අයි ජාතික බුද්ධි අංශයට දැනුම් දුන් බවය. තවදුරටත් එවැනි මානව හිමිකම් උල්ලංඝනය කිරීමට ඉඩ නොතබන බව ද ඔහු සඳහන් කර ඇතැයි වාර්තා වේ. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමී රැස්වීම් පැවැත්වීමේ අයිතිය වැළැක්වීමට සහ මර්දනය කිරීමට රජය උත්සාහ ගැනීමෙන් මහජන සාමය කඩාකප්පල්වීමට සහ නොසන්සුන්තාව උත්සන්න වීමට ඉවහල් වනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here