16
ඉදිරි මහ මැතිවරණයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවන බව එකසත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා… කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේ පැවැති මධ්‍ය හමුවකදී ඊයේ (24) පැවසුවේය. හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට අපේක්ෂා නොකරන බව ද හෙතෙම කීවේය. මැතිවරණයට ඉදිරිපත් නොවන නමුත් එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ඒ හා සම්බන්ධ ඉදිරි දේශපාලන බලවේග සඳහා හිටපු ජනාධිපතිවරයා විසින් නායකත්වය දෙනු ඇතැයි ද විජයවර්ධන මහතා පැවසීය. පක්ෂයේ දේශපාලන කටයුතු හා ජාතික කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙමින් එක්සත් ජාතික පක්ෂ නායක උපදේශක භූමිකාවක් භාර ගැනීමට හිටපු ජනාධිපතිවරයා අපේක්ෂා කරන බව ද හෙතෙම කීවේය.
ඉදිරි මහ මැතිවරණයට එක්ව තරග කිරීමට සමගි ජන සන්ධානයට ආරාධනා කරන බවත් රටේ අනාගතය හැඩගැස්වීමේදී සහ ඉදිරි අභියෝග ජය ගැනීමේදී සාමූහික ප්‍රයත්නවල වැදගත්කම ද හෙතෙම අවධාරණය කර සිටියේය.
මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ගෑස් සිලින්ඩරය ලකුණින් ඉදිරිපත් වූ හිටපු ජනාධිපතිවරයා ඡන්ද 2,299,767ක් ලබාගෙන සියයට 17.27ක ප්‍රතිශතයක් පෙන්නුම් කළේය. බලය ඇතත් නැතත තනතුරු ඇතත් නැතත් රටේ ජනතාවට තමාගෙන් විය යුතු යුතුකම් අදාළ අවස්ථාවේදී කිසිදු පැකිළීමකින් තොරව ඉටු කරන බව නව ජනාධිපතිවරයා පත්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ද කරනු ලැබුවේය.
සුභාෂිණි සේනානායක