Home World News Room : ඉරාන විප්ලවීය හමුදාවට පේජර් වෝකි ටෝකි තහනම්

News Room : ඉරාන විප්ලවීය හමුදාවට පේජර් වෝකි ටෝකි තහනම්

0
0

ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් සතුව තිබූ පේජර් හා වෝකි ටෝකී පණිවිඩ යන්ත්‍ර පිපිරීමෙන් පසු ඉරානයේ විප්ලවීය හමුදා සාමාජිකයන්ට ද පේජර් හා වෝකි ටෝකී තහනම් කිරීමට ඉරාන රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරාන අාධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි යටතේ ක්‍රියාත්මක වන එරට ප්‍රධානතම හමුදා යන්ත්‍රණය තුළ සන්නිවේදන උපකරණ තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ ඊශ්‍රායලයෙන් එල්ල වී ඇති තර්ජනය හේතුවෙන් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මේ වන විට ඉරාන විප්ලවීය හමුදා සාමාජිකයන් සතු සියලු සන්නිවේදන උපකරණ පරීක්ෂාවට ලක් කරමින් සිටින බවත්, සැක කටයුතු පුද්ගලයන් පිළිබඳ නිරීක්ෂණය කරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here