31
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ඩවුනින් වීදියේ අංක 10 අගමැති නිල නිවෙසට යන විට තම සුරතල් සතුන් රැගෙන යෑම සම්ප්රදායක් වන අතර, ශ්‍රීමත් කීර් ස්ටාමර් අගමැති පදවියට පත්වීමෙන් පසු නිල නිවෙසට රැගෙන ගොස් ඇත්තේ ප්‍රින්ස් නමැති පර්සියානු සම්භවයක් ඇති බැළලියක් බව වාර්තා වේ. නව අගමැතිවරයාගේ බැළලියගේ ඡායාරූපයක් පළමුවරට පසුගියදා මාධ්‍යයට නිකුත් විය. බ්‍රිතාන්‍ය අගමැති නිල නිවෙසට වරින්වර නව අගමැතිවරු පැමිණිය ද, වසර 14ක් පුරා අඛණ්ඩව එහි රැඳී සිටින ලැරී නමැති බළලාට නව අගමැතිවරයා රැගෙන ආ ප්‍රින්ස් අභියෝගයක් වී ඇතැයි ද එරට මාධ්‍ය සඳහන් කළේය.
ලැරී මේ දක්වා අගමැතිවරු පස්දෙනකු සමඟ එහි වාසය කර ඇති බවත්, මෑතකදී පත්වූ ශ්‍රීමත් කීර් ස්ටාමර් මේ බළල් සුරතලාගේ 6 වැනි අගමැතිවරයා බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. දකුණු ලන්ඩනයේ සත්ත්ව රැකවරණ මධ්‍යස්ථානයක සිට 2011 වර්ෂයේ පෙබරවාරියේ දී පළමුවරට අගමැති නිල නිවෙසට පැමිණි ලැරී එවකට අගමැති ඩේවිඩ් කැමරොන්ගේ සිත් දිනා ගැනීමට සමත්වී ඇති අතර පසුව තෙරේසා මේ, බොරිස් ජොන්සන්, ලිස් ට්රවුස් සහ රිෂී සුනාක්ගේ ද සුරතලකු බවට පත්වූ බව වාර්තා වේ.