4
මැදපෙරදිග යුද්ධය ව්‍යාප්ත කිරීමට ඊශ්‍රායලයට සහාය නොදෙන ලෙස ඉල්ලා පලස්තීන සහ ලෙබනන් හිතවාදීන් අමෙරිකාව පුරා විරෝධතාවක නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නිව්යෝක් නුවර හැරල්ඩ් චත්‍රරස්‍රය අසල රැස්වූ විරෝධතාකරුවන් ඊශ්‍රායලයට යුද ආධාර දීම නවත්වන ලෙස බල කරමින් විරෝධතාවක නිරත වී ඇති අතර, තවත් නගර රැසක එවැනි විරෝධතා පැවැති බවට වාර්තා වේ.
යුද විරෝධී ක්‍රියාකාරීන් විශාල පිරිසක් විරෝධතාවට එක්වී සිටින බවත්, අමෙරිකානු රජය විසින් සපයනු ලැබූ විශාල ප්‍රමාණයෙන් බෝම්බ, මිසයිල භාවිත කරමින් ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සමූල ඝාතනයක් සිදු කරන බවටත් චෝදනා එල්ල කර ඇතැයි වාර්තා වේ.
රජයට එරෙහි විරෝධතාවට එක්වූ ඇතැම් පුද්ගලයන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.