Home Sport News Room : අස­ලංක ද්විත්ව ශත­ක­ය­කින් කොළ­ඹට එන්එ­ස්එල් කිරුළ ගෙනෙයි

News Room : අස­ලංක ද්විත්ව ශත­ක­ය­කින් කොළ­ඹට එන්එ­ස්එල් කිරුළ ගෙනෙයි

1
0

නායක චරිත් අස­ලංක සිය ක්‍රිකට් දිවියේ රැස් කළ මංගල ද්විත්ව ශත­කය හේතු­වෙන් නැෂ­නල් සුපර් ලීග් (එන්එ­ස්එල්) එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගැනී­මට කොළඹ කණ්ඩා­යම සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ මෙහෙ­ය­වීම යටතේ රංගිරි දඹුලු ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ ඊයේ පැවති දිවා රාත්‍රී අව­සන් තර­ග­යේදී කොළඹ පිල හමුවේ යාප­නය කණ්ඩා­යම ලකුණු 92කින් පරා­ජ­යට පත් විය.

මේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දෙමින් කොළඹ පිල ලකුණු 413ක් රැස් කළ අතර, පිළි­තුරු ලෙස යාප­නය කණ්ඩා­ය­මට ඕවර 47.1කදී සිය­ල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 321ක් පමණි.

ළහිරු මදු­ශංක ‘ඒ’ කාණ්ඩයේ මංගල ශත­කය ලෙස ලකුණු 104ක් රැස් කළ අතර, පන්දු 86කින් ගොඩ­නැ­ඟුණු ඔහුගේ ඉනි­මට හතරේ පහර 10කින් සහ හයේ පහර 4ක් ඇතු­ළත් විය. රොන් චන්ද්‍ර­ගුප්ත ලකුණු 56ක් සහ මොහො­මඩ් ශමාස් ලකුණු 49ක් ඉනි­මට එක් කළහ.

පළ­මුව පන්දු­වට පහ­ර­දුන් කොළඹ පිලේ මුල් කඩුලු 2 ලෙස කුසල් ජනිත් (0) සහ කුසල් මෙන්ඩිස් (1) ලකුණු 4ක් තුළ දැවී යෑමෙන් පසු පිටි­යට පිවිසි නායක චරිත් අස­ලංක ආරම්භ පිති­කරු අවිශ්ක ප්‍රනාන්දු සමඟ එක්ව තෙවැනි කඩු­ල්ලට ලකුණු 262ක දැවැන්ත සබ­ඳ­තා­වක් ගොඩ­නැ­ඟුවේ පන්දු 206ක් පම­ණක් වැය කර­මිනි. අවිශ්ක පන්දු 113කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් සමඟ ලකුණු 126ක් රැස් කළ අතර, ඔහුගේ දැවී යෑමෙන් පසු සිව්වැනි සහ පස්වැනි කඩු­ලු­ව­ලට පිළි­වෙ­ළින් නුව­නිඳු ප්‍රනාන්දු (20) සමඟ ලකුණු 69ක් සහ දසුන් ශානක (39) සමඟ ලකුණු 77ක් එක් කර­මින් ක්‍රිකට් පිටියේ සිය මංගල ද්විත්ව ශත­කය වාර්තා කිරී­මට අස­ලංක සමත් විය.

‘ඒ’ කාණ්ඩය යටතේ පැවති පන්දු 142ක් පම­ණක් වැය කර­මින් ලකුණු 206ක් රැස් කළ අස­ලං­කගේ ඉනිම හතරේ පහර 12කින් සහ හයේ පහර 16කින් අලං­කාර විය. 27 හැවි­රිදි අස­ලංක මින් පෙර ‘ඒ’ කාණ්ඩයේ තර­ග­ය­කදී රැස් කළ ලකුණු 178 ඉහ­ළම ඉනිම වූ අතර, එක්දින තර­ග­ය­කදී රැස් කළ ලකුණු 110 ජාත්‍ය­න්තර පිටියේ ඉහ­ළම ලකුණු සංඛ්‍යාව විය.

කොළඹ පිල – 413/6 (ඕවර 50) චරිත් අස­ලංක 206, අවිශ්ක ප්‍රනාන්දු 126 (ළහිරු මදු­ශංක 77/2, මතීෂ පති­රණ 85/2)

යාප­නය පිල – 321 (ඕවර 47.1) ළහිරු මදු­ශංක 104, රොන් චන්ද්‍ර­ගුප්ත 56 (දිලුම් සුදීර 53/3, චරිත් අස­ලංක 51/2, නුවන් තුෂාර 62/2, දසුන් ශානක 67/2)

නිරෝ­ෂාන් ප්‍රියං­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here