38
හමාස් සංවිධානය ඊශ්‍රායලය ආක්‍රමණය කිරීමෙන් වසරක් ගතවෙද්දී සිය හමුදාව ප්‍රතිවාදී සංවිධාන හා රටවල් 7ක් සමඟ සටන් වදිමින් සිටින බව එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. මේ වන විට ඊශ්‍රායලයට සිය භූමිය ආරක්ෂා කරගැනීම සඳහා සතුරු බලවේග 7කට එරෙහිව සටන් වැදීමට සිදුවී ඇතැයි ද, උතුරෙන් ඉරාන හිතවාදී හෙස්බුල්ලා සංවිධානයත්, ගාසා තීරයේ හමාස් සංවිධානයත් යේමනයේ හවුති සංවිධානයත් ත්‍රස්ත ප්‍රහාර එල්ල කරද්දී බටහිර ඉවුරේ සහ ඉරාකය, සිරියාව ඇතුළු රටවල ෂියා සන්නද්ධ කණ්ඩායම් සමඟත් සටන් කිරීමට සිදුවී ඇතැයි ද ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඊට අමතරව ඉරානය සමඟ ද යුද ගැටුම්වලට මං විවර වී ඇති බවත්, ඊශ්‍රායලය ඉලක්ක කරමින් ඉරානය පසුගියදා එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරය ඊශ්‍රායලයට 7 වැනි සතුරු බලවේගයට ද මුහුණ දීමට සිදුවී ඇති බවත් බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර ඇත.