Home World News Room : එංග­ල­න්තයේ කාන්තා­වක යැවූ රැකියා අයැ­දු­ම්ප­තක් වසර 48කට පසු ඇය­ටම...

News Room : එංග­ල­න්තයේ කාන්තා­වක යැවූ රැකියා අයැ­දු­ම්ප­තක් වසර 48කට පසු ඇය­ටම ලැබිලා

1
0

එංග­ල­න්තයේ ලින්ක­න්ෂ­යර් ගම්මා­නයේ කාන්තා­වක් රැකි­යා­වක් සඳහා යොමු කළ අයැ­දු­ම්ප­තක් වසර 48කට පසු නැවත ඇය­ටම ලැබීමේ විස්මිත පුව­තක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට 70 හැවි­රිදි වියෙහි පසු­වන ටිසී හොඩ්සන් නමැති එම කාන්තා­වට ලැබී ඇත්තේ ‘ස්ටන්ට්‘ ත්‍රාස­ජ­නක යතු­රු­පැදි ධාව­ක­යන් ඉල්ලා එක්තරා සමා­ග­මක් පළ කර තිබූ දැන්වී­ම­කට අනුව 1976 ජන­වා­රියේ එව­කට 22 හැවි­රිදි වියෙහි පසුවූ ඇය විසින් තැපැල් කරනු ලැබූ අයැ­දු­ම්ප­ත්‍ර­යකි. එම අයැ­දු­ම්පත එම සමා­ගම වෙත යොමුවී නැති අතර, දශක ගණ­නා­වක් පුරා අදාළ තැපැල් කාර්යා­ලයේ සිරවී තිබූ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

රාක්ක­යක් පසු­පස තිබී එම තැපැල් කාර්යා­ලයේ වත්මන් නිල­ධා­රින් විසින් එය සොයා­ ගත් බවට අත්අ­කු­රින් ලියන ලද සට­හ­නක් සහි­තව පසු­ගි­යදා නැවත ලැබී­මෙන් ඇය විම­ති­යට පත්වී ඇතැයි ද වාර්තා වේ. එම ලිපිය නැවත ලැබුණු ආකා­රය පිළි­බඳ කිසි­වක් නොදන්නා බවත්, පසු­ගිය දශක 5කට ආසන්න කාලය තුළ තමා නිවාස 50ක පමණ පදිං­චිව සිටි බවත් ටිසී හොඩ්සන් ප්‍රකාශ කර තිබේ. ‘මම ගෙවල් මාරු කළා විත­රක් නෙවෙයි රටවල් හත­රක හෝ පහක පමණ කාල­යෙන් කාල­යට පදිං­චිව සිටියා. මේ නම් අද­හ­ගන්න බැරි සිදු­වී­මක්‘ ටිසී හොඩ්සන් එසේ ප්‍රකාශ කර ඇත.

කෙසේ­වු­වද අදාළ රැකි­යාව නොලැ­බී­මෙන් ටිසී හොඩ්සන්ට කිසිදු පාඩු­වක් සිදුවී නැති අතර, පසු­කා­ලී­නව ඇය ත්‍රාස­ජ­නක රැකියා අවස්ථා කිහි­ප­යක්ම අත්කර ගැනී­මට සමත්වූ බව වාර්තා වේ. දකුණු අප්‍රි­කා­වේදී සර්ප­යන් ඇල්ලීමේ සහ අශ්ව­යන් හීලෑ කිරිමේ රැකි­යා­වක් ද, ගුවන් නිය­මු­ව­රි­යක ලෙස පුහු­ණුව ලබා නියමු උප­දේ­ශි­කා­වක් ලෙස ද විවිධ රැකි­යා­වල ඇය නිර­තව සිටි බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here