Home Sport News Room : ඔලි­ම්පික් කමි­ටුව විසු­රුවා වහා ඡන්ද­යක් පව­ත්වන්න ජාතික සංගම්වලින් ඉල්ලීමක්

News Room : ඔලි­ම්පික් කමි­ටුව විසු­රුවා වහා ඡන්ද­යක් පව­ත්වන්න ජාතික සංගම්වලින් ඉල්ලීමක්

1
0

ජාතික ඔලි­ම්පික් කමිටු මහ­ලේ­කම් මැක්ස්වෙල් ද සිල්වා මහතා හා සභා­පති සුරේෂ් සුබ්‍ර­ම­නි­යම් මහතා අතර මතුව තිබෙන ගැටු­ම්කාරී තත්ත්වය හමුවේ ඔලි­ම්පික් කමි­ටුව විසු­රුවා ඉක්මන් නිල­ව­ර­ණ­යක් ඉල්ලා සිටී­මට ජාතික ක්‍රීඩා සංගම් කිහි­ප­යක් මේ දින­වල ලිපි­යක් සකස් කර­මින් පවතී. මෙලෙස හදිසි නිල­ව­ර­ණ­යක් ඉල්ලා සිටී­මට කට­යුතු කර­මින් සිටින්නේ මහ­ලේ­කම් මැක්ස්වෙල් ද සිල්වා මහ­තාට හිත­වත් ක්‍රීඩා සංගම් නිල­ධා­රීන් පිරි­සක් බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ඔලි­ම්පික් කමි­ටුවේ සාමා­ජික සංගම් 33ක් ඇති අතර, එයින් සංගම් 11ක අත්සන් සහිත ඉල්ලී­මක් ඇත්නම් ඔලි­ම්පික් කමි­ටුව විසු­රුවා ඉක්මන් නිල­ව­ර­ණ­යක් පැවැ­ත්වීමේ හැකි­යාව ඇත. එම ඉල්ලීම විධා­යක සභාවේ අනු­මැ­තිය අනුව ක්‍රියා­ත්මක කිරීමේ හැකි­යාව ඔලි­ම්පික් කමි­ටු­වට ව්‍යව­ස්ථා­වෙන් ලැබී ඇත. ශ්‍රී ලංකා ඔලි­ම්පික් කමි­ටුවේ මහ­ලේ­කම් – සභා­පති ගැටු­මෙන් ක්‍රීඩා­වට යහ­ප­තක් නැති බවත්, මෙය තන­තුරු ලබා ගැනීමේ පොර­යක් බවත් ඔලි­ම්පික් කමි­ටුවේ සාමා­ජික සංගම් ප්‍රධා­නීන් කිහි­ප­දෙ­න­කුගේ මතය වී ඇත.

එලෙස ඔලි­ම්පික් කමි­ටුව විසු­රුවා ඉක්මන් නිල­ව­ර­ණ­යක් පැව­ත්වී­මට කට­යුතු කළ­හොත්, වත්මන් සභා­පති සුරේෂ් සුබ්‍ර­ම­නි­යම් මහ­තාට යළි සභා­පති තන­තු­රට ක්‍රීඩා රෙගු­ලාසි අනුව නාම­යෝ­ජනා ලබා­දිය නොහැ­කිය. ඒ මහතා අවස්ථා දෙක­කදී සභා­පති ලෙස කට­යුතු කර ඇති බැවින් යළි එම තන­තු­රට නාම­යෝ­ජනා ලබා­දීමේ නීති­මය බාධා මතුව තිබේ. එහෙත් ක්‍රීඩා රෙගු­ලාසි අනුව ජාතික ඔලි­ම්පික් කමිටු මහ­ලේ­කම් මැක්ස්වෙල් ද සිල්වා මහ­තාට සභා­පති තන­තුර වෙනු­වෙන් නාම­යෝ­ජනා ඉදි­රි­පත් කිරීමේ හැකි­යාව පවතී. මෙවැනි වට­පි­ටා­වක් නිර්මා­ණය වී තිබි­යදී මහ ලේකම් – සභා­පති අතර ආර­වුල් හට ගැනීම ජාතික ඔලි­ම්පික් කමි­ටුවේ ඉදිරි කට­යු­තු­ව­ලට බාධා­වක් බව ක්‍රීඩා සංගම් ප්‍රධා­නීහූ පව­සති.

මේ අතර ජාතික ඔලි­ම්පික් කමිටු සභා­පති සුරේෂ් සුබ්‍ර­ම­නි­යම් මහතා විසින් රුපි­යල් කෝටි 50ක වන්දි­යක් ඉල්ලා ජාතික ඔලි­ම්පික් කමිටු මහ­ලේ­කම් මැක්ස්වෙල් ද සිල්වා මහතා වෙත කොළඹ දිසා අධි­ක­ර­ණයේ නඩු­වක් ගොනු කිරී­මට පිය­වර ගෙන ඇත. ඔලි­ම්පික් විධා­යක සභාවේ සාකච්ඡා කරන ලද කරුණු කිහි­ප­යක් ඊමේල් පණි­වි­ඩ­යක් මඟින් අනෙ­කුත් විධා­යක සභි­ක­යින්ට මහ­ලේ­කම් මැක්ස්වෙල් ද සිල්වා මහතා විසින් යොමු කර ඇති අතර, එම­ඟින් තමන්ගේ කීර්ති­නා­ම­යට හානි­යක් සිදු­වූවේ යැයි සඳ­හන් කර­මින් ඔලි­ම්පික් කමිටු සභා­ප­ති­ව­රයා මෙම නඩුව පවරා තිබේ.

වසර 2018දී ජාතික ඔලි­ම්පික් කමිටු සභා­පති ලෙස පත්වූ සුබ්‍ර­ම­නි­යම් මහතා යළි 2021දී නැව­තත් තේරී පත්වූ අතර, වත්මන් තත්ත්වය අනුව ජාතික ඔලි­ම්පික් කමිටු පරි­පා­ල­නය බෙදී වෙන්වී ඇත.

ප්‍රින්ස් ගුණ­සේ­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here