Home Sport News Room : ලෝක ශූර ඔස්ට්‍රේ­ලි­යා­වට ආසි­යානු ශූරියෝ පර­දිති

News Room : ලෝක ශූර ඔස්ට්‍රේ­ලි­යා­වට ආසි­යානු ශූරියෝ පර­දිති

1
0

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අත­පත්තු ලකුණු අත­රට පැමි­ණීම වළ­ක්වා­ල­මින් ඇය ඇද බැඳ තබා ගැනීම එකම සැල­සුම ක්‍රියා­ත්මක කළ ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රීඩි­කාවෝ ශ්‍රී ලංකා පිල කඩුලු 6කින් පරා­ජය කිරී­මට සමත් වූහ. මේ අනුව ලෝක කුස­ලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශ්‍රී ලංකා කණ්ඩා­යම සහ­භාගි වූ දෙවන තර­ග­යෙන් පරා­ජ­යවී ලකුණු සට­හනේ සිව්වැනි තැනට පත්ව සිටී.

සාජා ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ පෙරේදා පැවති තර­ග­යේදී වත්මන් ආසි­යානු ශූර ශ්‍රී ලංකා කණ්ඩා­යම කඩුලු 7ක් දැවී ලකුණු 93ක් රැස් කළ අතර, ලෝක ශූර ඔස්ට්‍රේ­ලි­යාව කඩුලු 4ක් දැවී ලකුණු 94ක් ලබා ජය තහ­වුරු කර ගත්තේය.

කාසියේ වාසිය හිමි කර­ගත් නායිකා චමරි අත­පත්තු පළ­මු­වෙන් පන්දු­වට පහර දීමට තීර­ණය කළ ද පළමු පන්දු 15දී ‘ලෙග් බයි’ ලකු­ණක් හැර කිසිදු ලකු­ණක් ලකුණු පුව­රු­වට එක්වූයේ නැත. ආර­ම්භක පිති­කා­රිනි නායිකා චමරි අත­පත්තු යළිත් වරක් අසා­ර්ථක කිරී­මට ඔස්ට්‍රේ­ලි­යානු කාන්තා පන්දු බළ­ඇ­ණිය සමත් විය.

පාකි­ස්තා­න­යට එරෙ­හිව පැවති තර­ග­යේදී ලකුණු 6ක් වාර්තා කළ චමරි ඔස්ට්‍රේ­ලි­යා­වට එරෙහි තර­ග­යේදී ලකුණු 3කට සීමාවූ අතර, පළමු ඕව­රය නිල­කුණු ඕව­ර­යක් බවට පත් කර­මින් අනෙක් අන්තයේ සිරවී සිටි විශ්මි ගුණ­රත්න ලකුණු නොල­බාම දැවී ගියාය. ඔස්ට්‍රේ­ලි­යාවේ ‘නෝ බෝල්’ 3කින් ලැබුණු නිද­හස් පහර 3ක් ද අසා­ර්ථ­ක­වී­මෙන් එල්ල වූ පීඩ­න­යෙන් අන­තු­රුව විශ්මි ගුණ­රත්න දැවී ගියාය.

ඔස්ට්‍රේ­ලි­යා­වට එරෙහි තර­ග­යේදී ශ්‍රී ලංකා කණ්ඩා­යම වෙනු­වෙන් වැඩිම ලකුණු රැස් කළ නිල­ක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 29ක් රැස් කළ අතර, හර්ෂිතා සම­ර­වි­ක්‍රම ලකුණු 23ක් හා අනුෂ්කා සංජී­වනී ලකුණු 16ක් රැස් කළහ. ශ්‍රී ලංකා පිලේ සෙසු පිති­කා­රි­නි­ය­කට හෝ ලකුණු 5 සීමාව ඉක්මවා රැස් කිරී­මට ඔස්ට්‍රේ­ලියා පන්දු යව­න්නියෝ ඉඩ ලබා නොදුන්හ.

ජය­ග්‍රාහී ලකුණු 94ක ඉල­ක්ක­යක් කරා ගිය ඔස්ට්‍රේ­ලි­යාවේ ආර­ම්භක පිති­කා­රි­නිය බෙත් මූනි පන්දු 38කදී හතරේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 43ක් රැස්කළ අතර, එලිස් පෙරී පන්දු 15කදී හතරේ පහර 3ක් සමඟ ලකුණු 17ක් සහ ඈෂ්ලි ගාර්ඩ්නර් පන්දු 15කදී හතරේ පහ­රක් සමඟ ලකුණු 12ක් රැස් කළහ. මේ සියල්ල වෙනු­වෙන් ඔස්ට්‍රේ­ලියා කණ්ඩා­යම වැය කළේ ඕවර 14.2ක් පමණි.

මෙම තර­ගා­ව­ලියේ ප්‍රසාද ලකුණු සට­හනේ ශ්‍රී ලංකාව සිටින ‘ඒ’ කාණ්ඩයේ නව­සී­ල­න්තය, ඔස්ට්‍රේ­ලි­යාව සහ පාකි­ස්තා­නය එක් තර­ග­යක් බැගින් ජය ගෙන ලකුණු දෙක බැගින් ලබා පිළි­වෙ­ළින් පළමු, දෙවන සහ තෙවන ස්ථාන­වල පසු වෙයි. ශ්‍රී ලංකා පිලට මෙම තර­ගා­ව­ලියේ තව­දු­ර­ටත් බලා­පො­රොත්තු තබා ගැනී­මට නම් ඉන්දි­යාව සමඟ මේ 9 වන දා පැවැ­ත්වී­මට නිය­මිත තර­ගය හා 11 වැනිදා නව­සී­ල­න්තය සමඟ තර­ගය ජය­ගත යුතු වේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම කඩුලු 7ක් දැවී ලකුණු 93 (ඕවර 20) හර්ෂිතා සම­ර­වි­ක්‍රම 23, නිල­ක්ෂිකා සිල්වා නොදැවී 29, අනුශ්කා සංජී­වනී 16 (මේගාන් ෂට් 12/3, ෂොපී මොලි­නුස් 20/2)

ඔස්ට්‍රේ­ලියා කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම කඩුලු 4ක් දැවී ලකුණු 94 (ඕවර 14.2) බෙත් මූනි නොදැවී 43, එලිස් පෙරී 17, ඈෂ්ලි ගාර්ඩ්නර් 12 (උදේ­ශිකා කුමාරි 19/1, ඉනෝකා රණ­වීර 20/1, සුග­න්දිකා කුමාරි 16/1).

ප්‍රින්ස් ගුණ­සේ­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here