දකුණු කොරියාවේ බුසාන් නුවර සිට හොංකොං බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන්යානයක් හදිසියේ ගිනි ගැනීමෙන් කාර්ය මණ්ඩලයේ සිවුදෙනකු ඇතුළුව පුද්ගලයන් 7 දෙනකු තුවාල ලබා ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි. සෝල් අගනුවරට කිලෝමිටර් 320ක් දුරින් පිහිටි බුසාන් නුවර ජිම්හේ ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ දී ගිනි ගෙන ඇත්තේ බුසාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් බවත්, ඒ වනවිට යානය තුළ මගීන් 176 දෙනකු අසුන්ගෙන සිටි බවත් වාර්තා වේ. ගුවන්තොටුපොළේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් කඩිනමින් ගුවන් මගීන් සහ කාර්ය මණ්ඩලය මුදා ගැනීමට පියවර ගත් බවත්, තුවාල ලැබූ මගීන් රෝහල්ගත කර ඇති බවත් කොරියානු ටයිම්ස් පුවත් සේවය සඳහන් කළේය.
ගින්න හටගැනීමත් සමඟ පියාසර කිරීමට නියමිතව තිබූ තවත් ගුවන් යානා 7ක ගුවන් ගමන් අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර, ඊයේ වනවිට ගුවන්තොටුපොළේ මෙහෙයුම් සුපුරුදු පරිදි සිදුවී ඇතැයි වාර්තා වේ.
ගින්න හටගෙන ඇත්තේ ගුවන් යානයේ භාණ්ඩ අසුරා තිබූ කුටියේ බව මූලික පරික්ෂණයේදී හෙළි වී ඇති අතර, මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි කොරියන් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
The post දකුණු කොරියාවේ තවත් ගුවන්යානයක් ගිනි ගනී appeared first on දිනමිණ.