Home Sport News Room : තුන්දින පිටියේ දස්කම් අතර පසිඳු-දිලුම් ඉදිරියෙන්

News Room : තුන්දින පිටියේ දස්කම් අතර පසිඳු-දිලුම් ඉදිරියෙන්

0
0

 

අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ 7 වැනි සතිය නිමාවන විට ප්‍රසාද ලකුණු සටහනේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සමත්වූ අතර, ‘බී’ කාණ්ඩයේ පෙරමුණ රැක ගැනීමට එන්සීසී පිල සමත් විය.

6 වැනි සතිය වන විට ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි තැන සිටි කෝල්ට්ස් පිල නිමාවූ සතියේදී පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 79කින් පරාජය කරමින් තෙවැනි ජය සමඟ පෙරමුණ (81.285) ගත්තේය. ඉන් පෙර මුල් ස්ථාන දෙක හිමිකරගෙන සිටි බ්ලූම්ෆීල්ඩ් (80.69) සහ ඒස් කැපිටල් (72.215) අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවීමෙන් එම කණ්ඩායම් දෙක පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පහත වැටිණි.

‘බී’ කාණ්ඩයේදී දෙවැනි තැන සිටින මුවර්ස් පිල (66.715) ඉනිමකින් සහ ලකුණු 68කින් පරාජය කරමින් එන්සීසී පිල (89.91) පෙරමුණ රැක ගත්තේය.

මේ අතර තරගාවලියේ වැඩිම ලකුණු සහ කඩුලුලාභීන් ලෙස පෙරමුණ ගැනීමට මුවර්ස් ක්‍රීඩා සමාජයේ පසිඳු සූරියබණ්ඩාර සහ පොලිස් ක්‍රීඩා සමාජයේ දිලුම් සුදීර සමත්ව සිටිති.

තරග 6කදී ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 610ක් සමඟින් පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට පසිඳූ සූරියබණ්ඩාරට හැකිව තිබේ. ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 200 ඔහුගේ ඉහළම ඉනිම විය. එන්සීසී ක්‍රීඩා සමාජයේ ලහිරු උදාර තරග 6කදී ශතක 2ක් සහ අර්ධ ශතකයක් සමඟ ලකුණු 556ක් රැස් කරමින් දෙවැනි තැන පසුවන අතර, ඔහු ද ද්විත්ව ශතකයක් (206) වාර්තා කර තිබේ.

කැන්ඩි පිලේ සහන් කෝසල (528) සහ කෝල්ට්ස් පිලේ ධනංජය ලක්ෂාන් (503) ද ලකුණු 500 සීමාව පසු කර තිබේ. තරග 7කදී කඩුලු 52ක් බිඳ දමමින් දිලුම් සුදීර පන්දු යවන්නන් අතර පෙරමුණ ගනිද්දී දෙවැනි තැන පසුවන ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ තරිඳු රත්නායක තරග 7කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 45කි. බ්ලූම්ෆීල්ඩ් පිලේ රවිඳු ප්‍රනාන්දු (කඩුලු 38), පොලිස් පිලේ නලින් ප්‍රියදර්ශන (කඩුලු 38) සහ බීආර්සී පිලේ මලින්ද පුෂ්පකුමාර (37) කඩුලුලාභීන්ගේ මුල් 5 දෙනා අතර සිටිති.

දුවිඳු තිලකරත්න (හලාවත – කඩුලු 36), චානක කොමසාරු (බදුරලිය – කඩුලු 32), රොෂාන් ජයතිස්ස (ඒස් කැපිටල් – කඩුලු 30), සහන් නානායක්කාර (බ්ලූම්ෆීල්ඩ්) සහ තිලකරත්න සම්පත් (නුගේගොඩ) ලකුණු 29ක් බැගින් දවාගෙන සිටිති.

නිරෝෂාන් ප්‍රියංකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here