Home Sport News Room : බංග්ලාදේශ ක්‍රීඩිකාවකට වසර 5ක තහනමක්

News Room : බංග්ලාදේශ ක්‍රීඩිකාවකට වසර 5ක තහනමක්

0
0

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා සොහෙයිලි අක්තාර්ට තරග පාවාදීමේ චෝදනා එල්ල වී ඇති අතර, ඇයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසර 5ක තරග තහනමක් පනවා තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඇයට සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවලින් වසර පහක තහනමක් පනවා ඇති බවයි. සොහෙයිලි තමාට එරෙහිව එල්ල කර ඇති චෝදනා සහ දඬුවම් පිළිගෙන තිබේ.

තරගයක ප්‍රතිඵලයට සහ ක්‍රියාවලියට බලපෑම් කිරීම සහ ජාත්‍යන්තර තරගවලදී හිතාමතාම හොඳින් ක්‍රීඩා නොකිරීම ඇය සිදු කර ඇති වරද වේ. මේ හැරුණු විට, සොහෙලි වෙනත් දූෂණ විරෝධී විධිවිධාන උල්ලංඝනය කළ බවට පිළිගෙන තිබේ. විමර්ශනය ප්‍රමාද කිරීම සහ සාක්ෂි විනාශ කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ද ඇයට චෝදනා එල්ල වී තිබේ.

36 හැවිරිදි පිට දඟ පන්දු යවන ක්‍රීඩිකා සොහෙයිලිට පනවා ඇති තහනම පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය පිළිගෙන ඇත. සොහෙලි අවසන් වරට බංග්ලාදේශ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේ 2022 ආසියානු කුසලානයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here