Home Sport News Room : ටෙනිස් පිටිය කැලඹූ සුරූපී තරුව අද රෝද පුටුවට වැටිලා

News Room : ටෙනිස් පිටිය කැලඹූ සුරූපී තරුව අද රෝද පුටුවට වැටිලා

0
0

ටෙනිස් පිටියේ පෙරැළිකාර චරිතයක් වූ රුසියානු සුරූපී ටෙනිස් තරුව ඇනා කෝර්නිකෝවා රෝද පුටුවක ගමන් ගන්නා ඡායාරූපයකින් සමාජ මාධ්‍ය කැලඹෙයි. එමෙන්ම ඇය එලෙස ගමන් ගන්නා සංවේදී ඡායාරූප කිහිපය නිකුත්වීමත් සමඟ ටෙනිස් ප්‍රජාව තුළ කනස්සල්ලක් ද මතුවී තිබේ.

ඇනා ඇගේ දරුවන් තිදෙනා සහ මිතුරන් සමඟ අමෙරිකාවේ ෆ්ලොරිඩාවේ මියාමිහි සාප්පු සංකීර්ණයකින් පිටතට පැමිණෙද්දී ඇගේ මිතුරියක් රෝද පුටුව තල්ලු කරමින් යන අයුරු මේ ඡායාරූපවල දැක්වේ.

ඇය එක් පාදයක විකලාංග සපත්තුවක් ද පැලඳ සිටි අතර, රෝද පුටුවක් භාවිත කරන්නේ මන්දැයි මෙතෙක් හෙළිවී නැත. 2003දී ආබාධයකින් පසු ඇනා ටෙනිස් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තාය. ඇය ස්පාඤ්ඤ ගායක එන්රික් ඉග්ලේසියස් සමඟ විවාහවී ලුසි, නිකලස් සහ මරියා යන දරුවන් තිදෙනකු සිටිති.

ඇය 1999 සහ 2002 දී කාන්තා යුගල ඉසව්වෙන් ඔස්ට්‍රේලියානු විවෘත ශූරතාව දිනාගත් අතර, ටෙනිස් ක්‍රීඩාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන ගණනක වත්කම් උපයා ඇත.

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here