17
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති කුසලාන යොවුන් පාපන්දු තරගාවලියේ 14න් පහළ මැන්චෙස්ටර් ඇකඩමි ‘ඒ’ හා බාසිලෝනා ඇකඩමි කණ්ඩායම් සුදුසුකම් ලබයි. එම අවසන් මහා තරගය මේ මස 22 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
බැද්දගාන පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවති මූලික වටයේ තරග 5 බැගින් මැන්චෙස්ටර් ඇකඩමි පිල හා බාසිලෝනා යන කණ්ඩායම් සහභාගිවූ අතර, එහිදී බාසිලෝනා ඇකඩමි පිල තරග 4ක් ජය ලබා තරගයක් ජය පරාජයෙන් තොරව නිමාකොට ලකුණු 13ක් ලබා ඉදිරියට පැමිණියේය.
මැන්චෙස්ටර් ඇකඩමි ‘ඒ’ පිල තරග 3ක් ජය ලබා තරග 2ක් ජය පරාජයෙන් තොරව නිමා කොට ලකුණු 13ක් ලබා දෙවැනි ස්ථානයට පැමිණියේය. මේ කාණ්ඩයේ තෙවැනි තැන ජාවාලේන් පිලට හිමි වූ අතර, කොළඹ පාපන්දු සමාජය, මැන්චෙස්ටර් ඇකඩමි ‘බී’, කළම්බු යූත් හා සෝන්ඩර්ස් යන කණ්ඩායම් ක්‍රීඩා කළහ.
පාපන්දු ඇකඩමි අතර පැවැත්වෙන මේ තරගාවලියේ ජයග්‍රාහකයන්ට රුපියල් ලක්ෂයක් හා අනුශූරයන්ට රුපියල් 50,000ක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාවේ යෞවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාපන්දු පුහුණුව ලබාදීමට කැපවී කටයුතු කරන මැන්චෙස්ටර් පාපන්දු ඇකඩමි සභාපති ඔගස්ටින් ජෝර්ජ් මහතා ඇතුළු පිරිසක් මේ තරගාවලිය සංවිධාන කරති.
ප්‍රින්ස් ගුණසේකර