14
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධාන කරනු ලබන අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘බී’ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ සම්ප්‍රදායික ප්‍රතිවාදීන් වන කොළඹ ඉසිපතන සහ කොළඹ තර්ස්ටන් විදුහල් අතර වන අවසන් පූර්ව තරගය අද (14) සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරඹේ.
කණ්ඩායම් 18 ක් ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ 2ක් යටතේ පළමු වටයේදී තරග වැදුණු අතර, සෑම කණ්ඩායමක්ම තරග 8කට සහභාගී විය. ප්‍රසාද ලකුණු සටහන අනුව ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත්වූ අතර, මාතර සාන්ත තෝමස් විද්‍යාලය ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගත්තේය.
කොළඹ ඉසිපතන විදුහල අර්ධ අවසන් පූර්ව වටයේදී කුරුණෑගල සාන්ත ආනා විදුහල පරදවමින් ද කොළඹ තර්ස්ටන් විදුහල කඳාන දි මැසිනෝද් විදුහල පරදවමින් ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
පානදුර ශ්‍රී සුමංගල විදුහල පරදවමින් ගාල්ල මහින්ද විදුහලත් රත්ගම දේවපතිරාජ විදුහල පරදවමින් මාතර සාන්ත තෝමස් විදුහලත් අවසන් පූර්ව වටයට එක් විය.
කොළඹ ඉසිපතන ක්‍රිකට් නායකත්වය ලෙසඳු කල්පගේ දරන අතර තර්ස්ටන් ක්‍රිකට් නායකත්වය තනුග පලිහවඩන දරයි.
ඉෂානි යද්දෙහි