14
සතියක විරාමයකින් පසු යළි ඇරඹුණු සිරකරු හුවමාරුව යටතේ ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් තිදෙනකු හමාස් සංවිධානය විසින් මුදා හරිනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගාසා තීරයේ ඛාන් යූනිස් නුවරදී ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය මගින් එම ප්‍රාණඇපකරුවන් තිදෙනා ඊශ්‍රායල බලධාරීන්ට භාර දී ඇතැයිද, ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලයේ සිරගත කර සිටින පලස්තීන සිරකරුවන් 369 දෙනකු නිදහස් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. දෙපාර්ශ්වය අතර සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් පසු ඊශ්‍රායල රජය විසින් මුදා හරිනු ලැබූ විශාලතම සිරකරුවන්ගේ සංඛ්‍යාව එය බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
හමාස් සංවිධානය නිදහස් කළ ප්‍රාණඇපකරුවන් තිදෙනා පිරිමි පුද්ගලයන් වන බවත්, ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය තහවුරු කර ඇති අතර, ඊශ්‍රායල රජය නිදහස් කළ පලස්තීන සිරකරුවන්ගෙන් සිවුදෙනකු අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත රෝහල්ගත කිරීමට සිදුවී ඇති බවත් වාර්තා වේ.