Home Politics News Room : පුංචි ඡන්ද පනතට කථානායකගේ අනුමැතිය

News Room : පුංචි ඡන්ද පනතට කථානායකගේ අනුමැතිය

0
0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (17) සිය සහතිකය සටහන් කළේය.

පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද ප.ව 2.00 සිට ප.ව 7.00 දක්වා පැවැත්වීමෙන් අනතුරුව සංශෝධන රහිතව විශේෂ බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙම පනත් කෙටුම්පත 2025 ජනවාරි 9 වැනි දින පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 01 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත ලෙස බලාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here