14
රට අනුරට කියන ප්‍රතිපත්ති මාලාව තුළ ලොකු කේක් ගෙඩියක් හදන බවට පොරොන්දු වුවත් රට අනුරට නොව රට අයිඑම්එෆ් එකට ගිය වග නම් පෙනෙන්නට තිබෙනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාව සහ අද ඉදිරිපත් කළ අය-වැය කතාව සංසන්දනය කළ යුතුයි. මේ අය-වැයේ ඒ පොරොන්දු කොපමණ ක්‍රියාත්මක කර ඇද්දැයි සොයා බැලිය යුතුයි.
මේ අය-වැයට අනුව ප්‍රාථමික ශේෂය 2.5ක් නඩත්තු කළ යුතුයි. ප්‍රාථමික වියදම් දළ දේශීය නිෂ්පාදනයේ වියදමක් ලෙස සියයට 13ක් කළ යුතුයි. 2024 වසරේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ දාපු සියයට 13ක සීමාව අයිඑම්එෆ් න්‍යාය පත්‍රයක්. ප්‍රාථමික ශේෂය 2.5ක් පවත්වාගෙන යාමම අයිඑම්එෆ් එකේ නිර්දේශයක්. පැහැදිලිවම ඉතාමත්ම සීමාසහිත සම්පත් ප්‍රමාණයක් ආයෝජනය වෙනුවෙන් වෙන් කර තිබෙනවා. මේ අය-වැය තුළ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ණය උගුලට විසඳුමක් නැහැ. දුප්පත්කම තුරන් කරන්න විසඳුම් නැහැ.
ඉහළ ආර්ථික වර්ධනයක් ව්‍යවසායකත්වය හරහා නඩත්තු කිරීමක් මේ තුළින් සිදු වන්නේ නැහැ. වැවිලි කර්මාන්තය, කෘෂි කර්මාන්තය හා ධීවර ක්ෂේත්‍රයට අදාළව දුන් පොරොන්දු ඉටු කරන්න නොහැකි වෙලා.
අලුත් ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුමකට යනවා කියා මැතිවරණ වේදිකාවේ කිව්වත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කෙළින්ම යන්නේ අයිඑම්එෆ් එක යන අඩි පාරේ. ජනාධිපතිවරයා ජනවරමට පිටුපා අයිඑම්එෆ් එකේ ප්‍රාණ ඇපකරුවෙක් වෙලා. මේ අය-වැය කතාව හා ප්‍රතිපත්ති මාලාව සංසන්දය කරන්න කියලා අපි කියනවා. මාස 6න් 6ට රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක් ගැන කිව්වත් අවසානයේ වැටුප් වැඩිවන්නේ වසර 3ක් තුළ සොච්චම් මුදලකින්. එය අද පවතින ජීවන වියදමට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. පෞද්ගලික අංශයට දක්වලා තිබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලක්.