Home World News Room : කැනඩාවේ ගුවන් යානයක් පෙරළී 18 කට තුවාල

News Room : කැනඩාවේ ගුවන් යානයක් පෙරළී 18 කට තුවාල

0
0

කැනඩාවේදී ගුවන්යානයක් පෙරළී අනතුරක් සිදුවී තිබෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 80දෙනෙක් රැගත් ගුවන්යානය ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබස්වන අවස්ථාවේදී මෙම අනතුර සිදුවී ඇති බවයි.

අනතුරින් පුද්ගලයන් 18දෙනෙක් තුවාල ලබා ඇති අතර ඉන් තිදෙනෙක්ගේ තත්ත්වය බරපතළ බව කැනේඩියානු බලධාරීන් පවසයි.

එලෙස අනතුරට ලක්වී ඇත්තේ ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සිට පැමිණි ඩෙල්ටා ගුවන් ගමන් සමාගමට අයත් යානයක් බවයි වාර්තා වෙයි.

අනතුරින් පසු යානය ගිනි ගැනීමකට ලක්වී ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගිනි නිවන භටයන් වහාම එය නිවා දැමීමට කටයුතු කළ බවයි.

ගුවන්යානය සම්පූර්ණයෙන් උඩු යටිකුරු කරමින් සිදුවී ඇති එම අනතුරින් පසු පැය දෙකක පමණ කාලයක් ගුවන්තොටුපොළ වසා තැබීමට බලධාරීන් කටයුතු කර ඇත.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here