3
ශ්රී ලංකා පාපන්දු සම්මේලන සභාපති කුසලාන යොවුන් පාපන්දු තරගාවලියේ 14න් පහළ මැන්චෙස්ටර් ඇකඩමි ‘බී’ හා සෝන්ඩර්ස් ඇකඩමි අතර තරගයෙන් ගෝල් 5-3ක ජයක් මැන්චෙස්ටර් ඇකඩම් පිලට හිමි වූවේය. බැද්දගාන පාපන්දු ක්රීඩාංගණයේදී 14න් පහළ මූලික වටයේ අවසන් තරගය වූ මෙහි පළමු භාගයේදී මැන්චෙස්ටර් ඇකඩමි පිල ගෝල් 4-0ක් ලෙස ඉදිරියෙන් සිටියේය. තරගයේ දක්ෂතම ක්රීඩකයා සම්මානයට සෝන්ඩර්ස් පිලේ මොහොමඩ් රිමාඩ් මෙසී නම් කෙරිණි.
16න් පහළ කණ්ඩායම් අතර පැවති මැන්චෙස්ටර් ඇකඩමි හා සෝන්ඩර්ස් ඇකඩමි අතර මූලික වටයේ අවසන් තරගය ගෝල් 1-1ක් ජය පරාජයෙන් තොරව නිමාව දුටුවේය. ලීග් තරග වටයේදී කණ්ඩායම් අතුරින් ලකුණු සටහනේ පළමු හා දෙවැනි ස්ථානවලට එම කණ්ඩායම් පැමිණීම හේතුවෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. එම තරගයේ දක්ෂතම ක්රීඩකයාට හිමි සම්මානය මැන්චෙස්ටර් ඇකඩමි පිලේ මොහොමඩ් අමාන්ට හිමි විය.
මැන්චෙස්ටර්, බාසිලෝනා, ජාවාලේන්, කොළඹ පාපන්දු සමාජය හා කළම්බු යුත් යන පාපන්දු ඇකඩමි අතර පැවැත්වෙන මෙම තරගාවලියේ ජයග්රාහකයන්ට රුපියල් ලක්ෂයක් හා අනුශූරයන්ට රුපියල් 50000ක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ. ශ්රී ලංකාවේ යෞවන ක්රීඩක ක්රීඩිකාවන්ට පාපන්දු පුහුණුව ලබාදෙන මැන්චෙස්ටර් පාපන්දු ඇකඩමි සභාපති ඔගස්ටින් ජෝර්ජ් මහතා ඇතුළු පිරිසක් මේ තරගාවලිය සංවිධාන කරති.
ප්රින්ස් ගුණසේකර