13
යුක්රේනයේ සහභාගිත්වයෙන් තොරව රුසියාව සහ අමෙරිකාව අතර සවුදි අරාබියේ පැවැත්වෙන සාකච්ඡාවෙන් ගන්නා කිසිදු තීරණයක් හෝ ගිවිසුමක් පිළිනොගන්නා බව යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුක්රේන ජනාධිපතිවරයා මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ යුක්රේන යුද ගැටුම් සම්බන්ධව අමෙරිකානු – රුසියානු සවුදි අරාබියේ රියාද් නුවරදී ඊයේ සාකච්ඡා ආරම්භ වීමෙන් පසුව බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. එම සාකච්ඡාවට රුසියාව නියෝජනය කරමින් එරට විදේශ ඇමැති සර්ජි ලැව්රොව් සහ විදේශ ප්‍රතිපත්ති උපදේශක යූරි උෂාකොව් සමඟ අමෙරිකාව නියෝජනය කරමින් එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ යුක්රේන යුද ගැටුම් පිළිබඳ අමෙරිකානු නියෝජිත කීත් කෙලොග් සහභාගි වී සිටින බව වාර්තා වේ.