Home World News Room : ජපාන සහ ඉන්දීය හමුදා අතර ෆුජී කඳුවැටියේ හමුදා අභ්‍යාස

News Room : ජපාන සහ ඉන්දීය හමුදා අතර ෆුජී කඳුවැටියේ හමුදා අභ්‍යාස

0
0

ඉන්දීය යුද හමුදාව සහ ජපාන යුද හමුදාව අතර එරට ෆුජී කඳුවැටියේ දින 13ක හමුදා අභ්‍යාසමාලාවක් සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලබන 25 වැනිදා ඇරැඹෙන එම හමුදා අභ්‍යාසමාලාව ලබන මාර්තු මස 9 වැනිදා දක්වා පැවැත්වෙන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. දෙරටේ යුද හමුදා අතර 6 වැනි වරටත් පැවැත්වෙන එම අභ්‍යාසමාලාවට එක්සත් ජාතීන්ගේ විධිවිධාන යටතේ ප්‍රතිත්‍රස්ත මෙහෙයුම් සහ ඒකාබද්ධ යුද මෙහෙයුම් ඇතුළත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. වාර්ෂිකව පැවැත්වෙන ඉන්දු – ජපාන හමුදා අභ්‍යාසමාලාව යටතේ පසුගිය වසරේදී ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තය කේන්ද්‍ර කරමින් පැවැති බවත්, ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව සහ සාමය සඳහා දායකත්වය ලබාදීම සහ දෙරට අතර කලාපීය ස්ථාවරත්වය පවත්වාගැනීම අරමුණු කරමින් එය පැවැත්වෙන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here