11
ගාසා සටන් විරාම ගිවිසුම යටතේ හෙට (20) හමාස් සංවිධානය වෙතින් ප්‍රාණඇපකරුවන් සිවුදෙනකුගේ මළසිරුරු ලබා ගැනීමට අපේක්ෂා කරන බව ඊශ්‍රායල නිලධාරියකු ප්‍රකාශ කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් සේවය වාර්තා කළේය. ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුමේ සති 6ක පළමු අදියර යටතේ එම හුවමාරුව සිදු කිරීමට නියමිත බව ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ප්‍රාණඇපකරුවන් සිවුදෙනාගේ මළසිරුරු භාර ගැනීම සඳහා ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සූදානමින් පසුවූවද, එරට අගමැති කාර්යාලය මේ පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශයක් මෙතෙක් සිදු කර නැති බව ද වාර්තා වේ. එම මළසිරුරුවල අනන්‍යතාව හෙට උදෑසන හමාස් සංවිධානය වෙතින් ලැබෙනු ඇතැයි ඊශ්‍රායල රජය අපේක්ෂාවෙන් පසුවන බවද වාර්තා වේ.