Home Sport News Room : වසර 5කට පසු විලියම්සන් එංගලන්ත ප්‍රාන්ත තරග බිමට

News Room : වසර 5කට පසු විලියම්සන් එංගලන්ත ප්‍රාන්ත තරග බිමට

0
0

නවසීලන්ත ක්‍රිකට් පිලේ හිටපු නායක කේන් විලියම්සන් වසර 5කට පසු එංගලන්තයේ ප්‍රාන්ත තරග බිමට එක්වීමට නියමිතය. අවසන් වරට 2013 වසරේ සිට 2018 දක්වා යෝක්ෂයර් ප්‍රාන්ත පිලට ක්‍රීඩා කළ විලියම්සන් මෙවර වසර දෙකක කාලයක් සඳහා මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත පිල සමඟ ගිවිසුම්ගත වූ බව වාර්තා වේ.

ඔහු මිඩ්ල්සෙක්ස් පිල නියෝජනය කරමින් එළැඹෙන එංගලන්ත ප්‍රාන්ත තරගවාරයේදී විස්සයි20 බ්ලාස්ට් තරගාවලියේ තරග 14කට ක්‍රීඩා කිරීමට නියමිත බවත්, අනතුරුව ප්‍රාන්ත ශූරතාවලියේදී තරග 5කට ක්‍රීඩා කිරිමට නියමිත බවත් වාර්තා වේ. ඔහු පළමු වරට එංගලන්ත ප්‍රාන්ත තරග බිමට එක් වූයේ 2011-12 තරගවාරයේදී ග්ලොස්ටර්ෂයර් පිල නියෝජනය කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here