Home Sport News Room : සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් ජය නිරෝද්ට සහ ෂෙහාරාට

News Room : සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් ජය නිරෝද්ට සහ ෂෙහාරාට

0
0

අම්බලන්ගොඩ ධර්මාශෝක ක්‍රීඩා මණ්ඩලය සහ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් 50 වැනි වරට අම්බලන්ගොඩ තානායම ආසන්නයේ මුහුදු තීරයේදී පැවැත්වූ සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරග ජය ගැනීමට අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ නිරෝද් තීක්ෂණ සහ ෂෙහාරා අනුහංසි සමත් වූහ.

තරගාවලියේ පිරිමි අංශයේ දෙවැනි ස්ථානය අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නිඳුවර ඒකනායක සහ තෙවැනි ස්ථානය එම විද්‍යාලයේම එම්.ඩබ්ලිව්. කුමාත් දෙව්නද හිමි කරගත් අතර, කාන්තා අංශයේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ එන්.එච්. අනර්කලී සහ තෙවැනි ස්ථානය අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී විදුහලේ පී. දුනිති හෙසාරා දිනා ගත්හ.

නිපෝන් පේන්ට් ආයතනයේ අනුග්‍රහයෙන් පැවති තරගයට විවිධ පළාත්වල පාසල් හා ක්‍රීඩා සංගම් නියෝජනය කරමින් තරගකරුවන් දෙසීයකට අධික පිරිසක් එක්වූහ.

තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ආදි ශිෂ්‍ය ශ්‍රී ලංකා ගුවන් හමුදාපති ජයලත් වීරක්කොඩි මහතා එක්ව සිටියේය.

ඡායාරූප – අම්බලන්ගොඩ සමූහ

අම්බලන්ගොඩ සමූහ ආර්.ඤාණදාස සහ කරන්දෙණිය සමූහ අනුරාධ ප්‍රියදර්ශන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here