Home Sport News Room : ක්‍රීඩා සමාජයේ ඉල්ලී­මට කර­ගැසූ දසුන් ශාන­කට ඩොලර් 10000ක දඩ­යක්

News Room : ක්‍රීඩා සමාජයේ ඉල්ලී­මට කර­ගැසූ දසුන් ශාන­කට ඩොලර් 10000ක දඩ­යක්

0
0

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කැපි­ටල්ස් කණ්ඩා­යම වෙනු­වෙන් ක්‍රීඩා කර­මින් සිටි­යදී තම ක්‍රීඩා සමා­ජය වූ එස්එස්සී පිලේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා­වට පැමිණ තර­ග­ය­කට ක්‍රීඩා කොට යළි එදි­නම ඩුබායි බලා යෑම හේතු­වෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක දසුන් ශාන­කට අමෙ­රි­කානු ඩොලර් 10000ක දඩ­යක් ශ්‍රී ලංකා ක්‍රිකට් නියම කර ඇතැයි වාර්තා වේ.

මේ දඩය නියම කොට ඇත්තේ වෘත්ති­මය ක්‍රීඩ­ක­යකු ලෙස නොදන්වා ශ්‍රී ලංකා­වෙන් පිට­තට යෑ‍ම වර­දක් බවට තීර­ණය කිරී­මෙනි. මේ සම්බ­න්ධ­යෙන් සිදු­කළ පරී­ක්ෂ­ණ­යේදී දසුන් ශාන­කට වෙනත් කිසිඳු විනය විරෝධී චෝද­නා­වක් ශ්‍රී ලංකා ක්‍රිකට් එල්ල­කොට නොමැ­ති­වීම විශේ­ෂ­ත්ව­යකි. කෙසේ වුවද දසුන් ශාන­කට ලබාදී ඇති දඬු­වම් මුදල ගෙවී­මට පාර්ශ්ව ගණ­නා­වක් ඉදි­රි­පත්ව ඇතැයි වාර්තා වේ. දසුන් තම ක්‍රීඩා සමා­ජය වෙනු­වෙන් යුතු­කම් කොටස ඉටු කිරී­මට ගොස් අමා­රුවේ වැටුණ බව පවසා එම පාර්ශ්ව පෙරට පැමිණ ඇතැයි වාර්තා වේ.

කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාං­ග­ණයේ පැවති අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ එස්එස්සී – මුවර්ස් අතර තර­ගය පසු­ගිය 2 වැනිදා නිමාවූ අතර ඒ වෙනු­වෙන් ඩුබායි සිට ශ්‍රී ලංකා­වට පැමි­ණෙන ලෙස එස්එස්සී ක්‍රිකට් ලේකම් අශාන් ද සිල්වා මහතා දසුන් ශානක වෙත ලිඛිත ඉල්ලී­මක් කළ බව සඳ­හන් වේ. එම පණි­වි­ඩය මඟින් දසුන් වෙත දැනුම්දී ඇත්තේ මෙවර අන්තර් ක්‍රීඩා සමාජ තර­ගා­ව­ලි­යේදී එස්එස්සී පිල පහ­ළට වැටී ඇති කන­ගා­ටු­දා­යක තත්ත්වය හේතු­වෙන් ඩුබායි ෆ්‍රැන්ච­යිස් තර­ගා­ව­ලිය අත­ර­තුර ක්‍රීඩා සමා­ජය වෙනු­වෙන් ශ්‍රී ලංකා­වට පැමි­ණෙන ලෙසය. එමෙන්ම මුවර්ස් සමඟ තර­ගය නිමා­කොට යළි එදි­නම ඩුබායි වෙත යෑමට එස්එස්සී පිලේ අව­ස­රය හිමි­වන බවද අශාන් ද සිල්වා මහතා දසුන් වෙත දැනුම්දී තිබිණි.

තම ක්‍රීඩා සමා­ජයේ ඉල්ලීම අනුව වහාම ශ්‍රී ලංකා­වට පැමිණි දසුන් ශානක පී. සරා ඕවල් ක්‍රීඩාං­ග­ණයේ පැවති මුවර්ස් පිලට එරෙහි තුන්දින තර­ග­යේදී පන්දු 87කදී හයේ පහර 8ක් හා හතරේ පහර 10ක් සමඟ ලකුණු 123ක් ලබා­ගත් අතර, එදි­නම රාත්‍රියේ අබු­ඩාබි නයිට් රයි­ඩර්ස් පිලට එරෙහි විස්සයි20 තර­ග­යේදී ඩුබායි කැපි­ටල්ස් වෙනු­වෙන් පන්දු 12කදී හයේ 2ක් හා හතරේ පහර 4ක් සමඟ ලකුණු 34ක් ලබා සිය දක්ෂතා ප්‍රද­ර්ශ­නය කළේය. ඒ අනුව එක දව­සක් තුළ රට­වල් දෙක­කදී හයේ පහර 10ක් හා හතරේ 14ක් සමඟ ලකුණු 157ක් ලබා ගැනී­මට දසුන් ශානක සමත් වූවේය.

ප්‍රශ්න­යට තුඩු­දුන් මුවර්ස් සමඟ පැවැති තර­ග­යේදී ‘ස්විප් පහ­රක්’ එල්ල කිරී­මට යෑමේදී දසුන්ගේ බෙල්ලට පන්දු­වක් වැදී ඇති අතර, ඒ අව­ස්ථා­වේම කොළඹ රෝහ­ල­කදී ක්‍රීඩා වෛද්‍ය විශේ­ෂඥ රුවන් ජය­සූ­රිය මහ­තාට පෙන්වා යෝග්‍යතා සහ­ති­ක­යක් ද ලබා ඇතැයි පැවසේ. ඩුබායි යෑමට පෙර ලබා­ගත් එම වෛද්‍ය සහ­ති­කයේ සඳ­හන්වී ඇත්තේ බෙල්ලට වැදුණු පන්දු­වෙන් සුළු විවේ­ක­යක් ලබා ක්‍රීඩා කිරී­මට කිසිඳු බල­පෑ­මක් නොමැති බවය.

මෙවැනි වට­පි­ටා­වක් තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය දසුන් ශානක වෙත චෝදනා පත්‍ර­යක් යොමු­කර තිබූ අතර, ඒ සඳහා කාල­යක් ලබාදී තිබිණි. ඒ අත­ර­තු­රදී එස්එස්සී ක්‍රීඩා සමා­ජය වෙනු­වෙන් එන්සීසී පිලට එරෙහි මූලික වටයේ අව­සන් තර­ග­යට ද දසුන් ශානක පසු­ගිය සති අන්තයේ එක්ව සිටි­යේය.

 

ප්රින්ස් ගුණ­සේ­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here