Home World News Room : ගාසා තීර­යේ ස්ථිර සාම­යට හමාස් සංවි­ධා­න­යෙන් ...

News Room : ගාසා තීර­යේ ස්ථිර සාම­යට හමාස් සංවි­ධා­න­යෙන් යෝජ­නා­වක්

0
0

ගාසා තීරයේ ස්ථීර සාම­යක් සඳහා ඊශ්‍රා­යල ප්‍රාණ ඇප­ක­රු­වන් සහ පල­ස්තීන සිර­ක­රු­වන් සටන් විරාම ගිවි­සුමේ දෙවැනි අදි­ය­රේදි එක්වර නිද­හස් කිරී­මට හමාස් සංවි­ධා­නය යෝජනා කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. එවැනි නිද­හස් කිරී­ම­කදී ඊශ්‍රා­යල හමු­දාව මුළු­ම­නින්ම ගාසා තීර­යෙන් ඉව­ත්විය යුතු බව­ටත් හමාස් සංවි­ධා­නය යෝජනා කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. සටන් විරාම ගිවි­සුමේ දැනට ක්‍රියා­ත්මක වන පළමු අදි­යර යටතේ ඉති­රිව සිටින ප්‍රාණ ඇප­ක­රු­වන් 6 දෙනා ලබන 22 වැනිදා නිද­හස් කරන බව ද හමාස් සංවි­ධා­නය නිවේ­ද­නය කර ඇති අතර, දෙවැනි අදි­යර සඳහා වන සාකච්ඡා මේ සතියේ ආරම්භ වීමට නිය­මි­තව ඇතැයි ද වාර්තා වේ.

 

The post ගාසා තීර­යේ ස්ථිර සාම­යට හමාස් සංවි­ධා­න­යෙන් යෝජ­නා­වක් appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here