හමාස් සංවිධානය සමඟ ඇතිකරගත් සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වෙමින් තිබියදී ඊශ්‍රායලයේ ආර්ථික ඇමැති නිර් බර්කට් ඇතුළු එරට ඉහළම මට්ටමේ ව්‍යාපාරිකයන් සියයකට අධික පිරිසක් ඉන්දියාවේ සංචාරයක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායලයේ ඉහළම මට්ටමේ විශාලතම දූත පිරිසක් ලොව ඕනෑම රටක සංචාරය කළ පළමු අවස්ථාව ද මෙය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර ආර්ථික හා උපායමාර්ගික සබඳතා ශක්තිමත් කිරීම සහ ව්‍යාප්ත කිරීම අරමුණු කරමින් එම දෙදින සංචාරය සිදුවූ බවත්, නවදිල්ලි නුවරදී ඉන්දියාවේ වාණිජ සහ කර්මාන්ත ඇමැති පියුෂ් ගොයාල් ඇතුළු නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. සෞඛ්‍ය, බලශක්ති, සයිබර් ආරක්ෂණ, අභ්‍යන්තර ආරක්ෂක, කෘෂිකාර්මික, ජල හා ආහාර තාක්ෂණය ඇතුළු තවත් ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාපාරිකයන් එම දූත පිරිසට ඇතුළත්වූ බව වාර්තා වේ.
The post ගාසා සටන් විරාමය මැද ඊශ්‍රායල ව්‍යාපාරිකයෝ ඉන්දියාවට appeared first on දිනමිණ.