Home Sport News Room : චැම්පි­යන් කුස­ලාන ප්‍රභූ ආර­ක්ෂා­වට ‍ පොලිස්-හමුදා භට­යෝ 12,000ක්

News Room : චැම්පි­යන් කුස­ලාන ප්‍රභූ ආර­ක්ෂා­වට ‍ පොලිස්-හමුදා භට­යෝ 12,000ක්

0
0

වසර 29කට පසු පාකි­ස්තා­නයේ ලෝක ක්‍රිකට් තර­ගා­ව­ලි­යක් පැවැ­ත්වෙන හෙයින් චැම්පි­යන්ස් කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යට එක්වන සෑම කණ්ඩා­ය­ම­ක­ටම ලබාදී තිබෙන අති වි‍ශේෂ ප්‍රභූ ආර­ක්ෂාව වෙනු­වෙන් පොලිස් නිල­ධා­රීන් සහ හමුදා කාර්ය මණ්ඩ­ලය 12,000ක් යොදවා ඇත.

එම ආර­ක්ෂක නිල­ධා­රීන්ට අම­ත­රව, පාකි­ස්තානු ජාතික ගුවන් සේවය වන PIA විසින් සහ­භාගි වන ක්‍රිකට් කණ්ඩා­යම් සඳහා විශේෂ කුලී ගුවන් යානා යොදා ගමන් පහ­සු­කම් සැල­සී­මට ද කට­යුතු කර ඇත. සාමාන්‍ය මගීන් නොමැ­තිව තර­ගා­ව­ලිය පුරාම ක්‍රීඩ­ක­යන් සහ අනෙ­කුත් ඉහළ පෙළේ අමු­ත්තන්ගේ ආර­ක්ෂිත ගමන් පහ­සු­කම් සහ­තික කිරීම සඳහා මේ ගුවන් ගමන් කරච්චි, ඉස්ලා­මා­බාද් සහ ලාහෝර් අතර අභ්‍ය­න්තර ගුවන් ගමන් ලෙස ක්‍රියා­ත්මක වේ. පාකි­ස්තා­නයේ ලාහෝර් සහ රාව­ල්පින්ඩි නග­ර­වල මේ දින­වල ඉන්දි­යාව හැර රට­වල් 7ක ප්‍රමු­ඛ­තම ක්‍රිකට් කණ්ඩා­යම් චැම්පි­යන්ස් කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලිය වෙනු­වෙන් රැඳී සිටින අතර, ඒ සඳහා ජ්‍යෙෂ්ඨ හමුදා නිල­ධා­රීන් 18ක්, පොලිස් අධි­කා­රී­වරු 54ක්, පොලිස් පරී­ක්ෂ­ක­වරු 135ක්, විශේෂ බුද්ධි නිල­ධා­රීන් 1,200ක්, කොස්තා­ප­ල්ව­රුන් 10,556ක් සහ කාන්තා පොලිස් නිල­ධා­රීන් 200කට අධික සංඛ්‍යා­වක් ආර­ක්ෂක කට­යුතු සඳහා යොදවා ඇතැයි සඳ­හන් වේ. චැම්පි­යන්ස් කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලිය පාකි­ස්තා­නයේ කරච්චි ජාතික ක්‍රීඩාං­ග­ණ­යේදී ඊයේ ආරම්භ වූ අතර එම පාකි­ස්තාන – නව­සී­ලන්ත තර­ගය නැර­ඹී­මට 30000කට අධික පිරි­සක් එක්ව සිටි­යහ. තර­ගා­ව­ලිය ආරම්භ වීම­ටත් පෙර ක්‍රිකට් උණ පාකි­ස්තා­නය පුරා පැතිර ගොස් ඇති අතර, ක්‍රීඩ­ක­යන්ගේ ආර­ක්ෂාව අංක එකට සැල­සුම් කොට ඇත.

නර­ඹ­න්නන් ක්‍රීඩාං­ග­ණ­යට ඇතු­ළු­වී­මට පෙර

විශේ­ෂ­යෙන් 2009 දී ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට එල්ල වූ ලාහෝර් ත්‍රස්ත ප්‍රහා­ර­යෙන් පසු පාකි­ස්තා­නයේ ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාව සම්පූ­ර්ණ­යෙන්ම නවතා දැමුණු අතර, යළි ක්‍රිකට් ආරම්භ කිරී­මේදී සංචා­රක කණ්ඩා­යම් සඳහා පූර්ණ ආර­ක්ෂාව සහ­තික කිරී­මට පාකි­ස්තාන ක්‍රිකට් ආය­ත­නය විශේෂ අම­තර පිය­වර ගත්තේය.

කෙසේ වෙතත්, ඉන්දි­යාව ඔවුන්ගේ තරග පාකි­ස්තා­නයේ ක්‍රීඩා නොකි­රීම ගැන බොහෝ දෙනෙක් කල­කි­රී­මට පත්ව සිටිති. ඉන්දි­යාව හා බංග්ලා­දේ­ශය අතර තර­ගය අද ඩුබායි ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වෙන අතර, තර­ගා­ව­ලියේ වැඩිම ආක­ර්ෂ­ණ­යක් ඇති ඉන්දියා – පාකි­ස්තාන තර­ගය තවත් දින තුන­කින් ඩුබා­යි­හිදී පැවැත්වේ. ඉන්දි­යාව සමඟ මූලික වටයේ සහ­භාගි වන තරග උදෙසා සියලු කණ්ඩා­යම් ඩුබායි වෙත ගොස් යළි අනෙක් කණ්ඩා­යම් සමඟ පැවැ­ත්වෙන තරග සඳහා පාකි­ස්තා­න­යට පැමි­ණිය යුතුව ඇත.

 

ප්රින්ස් ගුණ­සේ­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here