18
චීන රජය “ විදේශ ආයෝජන ස්ථාවර කිරීමේ 2025 වසරේ ක්‍රියාකාරී සැලැස්ම ”ඊයේ(19) නිකුත් කර තිබේ.
එම සැලැස්මට අනුව විදුලි සන්දේශ, ජෛව තාක්ෂණය, සම්පූර්ණ විදේශ ආයෝජන සහිත රෝහල් ඇතුළු ක්ෂේත්‍රයන්හි අත්හදා බැලීමේ ප්‍රතිපත්ති ප්‍රචාරණය සහ එම ප්‍රතිපත්ති ක්‍රියාවට නංවාලීම සඳහා නියමු ප්‍රදේශවලට සහාය ලබා දීම සිදු කෙරෙනු ඇත.
අදාළ ක්ෂේත්‍රයන්හි විදෙස් ආයෝජන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා සමගාමී විපරම් සිදු කෙරෙන අතර මතු වන ගැටලු කඩිනමින් විසඳා ගනු ඇති බව ද එම සැලැස්මේ සඳහන් වෙයි. එසේ ම විදුලි සන්දේශ හා වෛද්‍ය සේවා යන ක්ෂේත්‍ර දෙකේ නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තවදුරටත් පුළුල් කෙරේ.
මීට අමතරව, චීනය අධ්‍යාපන හා සංස්කෘතික ක්ෂේත්‍රවල ස්වාධීන විවෘතභාවය ක්‍රමානුකූලව පුළුල් කිරීමේ සැලැසුම් සකස් කරමින් සිටී. එම සැලසුම් නියමිත කාලයේදී ප්‍රකාශයට පත් කර සැලසුම් සහගතව ක්‍රියාවට නංවනු ඇතැයි ද“ විදේශ ආයෝජන ස්ථාවර කිරීමේ 2025 වසරේ ක්‍රියාකාරී සැලැස්මේ ”සඳහන් වෙයි.