Home World News Room : චීනය හා අමෙරිකාව එකිනෙකාට ගැලපෙන නිවැරදි මාර්ගයේ ගමන් කළ...

News Room : චීනය හා අමෙරිකාව එකිනෙකාට ගැලපෙන නිවැරදි මාර්ගයේ ගමන් කළ යුතුයි- චීන විදේශ ඇමති

0
0

චීන විදේශ අමාත්‍ය වං යී මහතා 18 වැනිදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඉහළ පෙළේ රැස්වීමේ සභාපතිත්වය දරමින්, ඇමරිකාවේ ඒ ඒ ක්ෂේත්‍රවල පුද්ගලයින් සමඟ සාකච්ඡාවල නිරත විය.

ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ඒකාබද්ධ උත්සාහයක් දැරිය යුතුය. එසේම බහුපාර්ශ්විකත්වය ක්‍රියාත්මක කිරීම සඳහා විශාල රටවල් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කළ යුතු බව, වං යී මහතා එහිදී පැවසීය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් හා ලෝකයේ ඉහළම ආර්ථිකයන් දෙක ලෙස, චීනය හා ඇමරිකාව අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය, සහයෝගීතා හා අන්‍යෝන්‍ය යහපත යන මූලධර්ම අනුගමනය කළ යුතු ය. මෙමගින් දෙරට ගැලපෙන නිවැරදි මාර්ගය සොයා ගත යුතු බව වං යී මහතා සඳහන් කළේ ය. ඇමරිකානු ව්‍යවසායන්, චීන ලක්ෂණ සහිත නවීකරණය විසින් ගෙන එන ලද නව අවස්ථා ග්‍රහනය කර ගැනීමෙන්, අන්‍යෝන්‍ය යහපත හා ජයග්‍රහණ ඉටු කිරීම, චීනය සාදරයෙන් පිළිගන්න බව ද, ඔහු එහිදී කියා සිටියේ ය.

ඇමරිකා-චීන සබඳතා පිළිබඳ ජාතික කමිටුව, ඇමරිකා-චීන වෙළඳ කොමිසම, ඇමරිකානු වාණිජ මණ්ඩලය යන ආයතනවල නියෝජිතයින් ඇතුළු පිරිස්, එහිදී ඇමරිකා-චීන සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කළහ. ඇමරිකා-චීන සබඳතාවල ස්ථාවරත්වය පවත්වා ගැනීම, දෙරටටම සහ ලෝකයට ප්‍රයෝජනවත් වන බව ඔවුහූ පෙන්වා දුන්හ. චීනයේ උසස් තත්ත්වයේ සංවර්ධනය දෙ‍ස සතුටින් බලමින් සමීපව අවධානය යොමු කරන අතර චීනයේ ආයෝජන අඛණ්ඩව වැඩි කරනු ඇතැයි ද ඔවුහූ පැවසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here