Home Politics News Room : ජාතික ආර­ක්ෂාව පැත්තෙන් ආණ්ඩුව ෆේල්

News Room : ජාතික ආර­ක්ෂාව පැත්තෙන් ආණ්ඩුව ෆේල්

0
0

වත්මන් ආණ්ඩුව තදා­සන්න ප්‍රදේ­ශ­වල තිබූ මාර්ග බාධා ඉවත් කර, හමුදා කඳ­වුරු ඉවත් කර සංද­ර්ශන පෙන්නුව ද අද අධි­ක­ර­ණ­යට පැමිණ සාක්ෂි­ක­රු­වන්, වින්දි­ත­යන් ඝාත­නය  කරන තත්ත්ව­යට  ආර­ක්ෂාව නැති වී ඇතැයි හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ඉන්දික අනු­රුද්ධ මහතා පැව­සීය.

ඒ මහතා මේ බව පැව­සුවේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ පක්ෂ මූල­ස්ථා­නයේ ඊයේ (19) පැවති මාධ්‍ය හමු­ව­කට සහ­භාගි වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ ද කීවේය.

“මේ රජය ගෙනාපු අය-වැය තුළ ජන­තා­වට ලැබෙන්නේ මොනවා ද කියලා පරීක්ෂා කර­මින් සිටින වේලා­වක්. රජය පත්වෙද්දි අපි කිව්ව දෙයක් තමයි මේ රජය ජන­තා­වට බලා­පො­රොත්තු විශාල ප්‍රමා­ණ­යක් දුන්නා.

බලා­පො­රො­ත්තු­ව­ලට නොදෙ­වෙනි අය-වැයක් අද ඉදි­රි­පත් කරලා තිබෙ­නවා. බලා­පො­රොත්තු දුන් ඒවා ඉටු­වීත් නොමැති බව මේ අය­වැය තුළ අපිට පේන්න තිබෙ­නවා. ඉටු­ක­රන්න පුළු­වන් තත්ත්වයේ දේවල් තියෙයි ද? නොති­යෙයි ද කියන තර්කයේ  අද සමා­ජ­යට ඇවිත් තිබෙ­නවා.

අද වෙද්දි රටේ ආර­ක්ෂා­වට කුමක්ද සිදු වෙලා  තිබෙන්නේ? ඒ නිසා මේ අය-වැය තුළ ආර­ක්ෂක විය­දම් පැති­ක­ඩ­ය­ටත් සැල­කිය යුතු දාය­ක­ත්ව­යක්  ලබා දීලා නැහැ. අද උදේ පාන්දර වෙද්දි  ආරංචි වෙන්නේ  කොහේ හෝ තැනක වෙඩි තැබී­මක්,  ජීවිත විනා­ශ­යක්  වැනි පාතා­ලයේ හිස එස­වී­මක් වැනි  තැනට අද ඇවිත් තිබෙ­නවා.

අධි­ක­රණ භූමිය ඇතු­ළට ගිහින්  අධි­ක­ර­ණ­යට ගෙන එන වැර­දි­ක­රු­වන් හෝ සාක්ෂි­ක­රු­වන් ඝාත­නය කරන තැනට අද පාතා­ලය හිස ඔස­වලා තිබෙ­නවා. ඒව­ගේම  අද ආර­ක්ෂාව ලබා­දෙන්න ආණ්ඩු­වට බැරි වෙලා තිබෙ­නවා. මේ මාසය පුරා, වසර පුරා  වැඩිම ප්‍රමා­ණ­යක්  වර්ධ­නය වෙනවා දැක්කේ මිනී­මැ­රීම් සහ මහා පාරේ  ඝාත­නය කිරීම්. ඒ නිසා ආණ්ඩුව  මේ වග­කීම ගන්න ඕනෑ.  ජාතික ආර­ක්ෂාව පැත්තෙන්  ආණ්ඩුව ෆේල්.

මහින්ද අලු­ත්ගෙ­දර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here