20
ප්රංශ පාපන්දු ක්රීඩක ඔලිවියර් ගිරූඩ්ගේ නිවෙස බිඳ අමෙරිකානු ඩොලර් 500,000ක (ශ්රී ලංකා මුදලින් රුපියල් කෝටි 15ක) ආභරණ සොරාගෙන ඇතැයි ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
ගිරූඩ් මේ වන විට ලොස් ඇන්ජලීස් පාපන්දු සමාජයට ක්රීඩා කරමින් සිටින හෙයින් අමෙරිකාවේ පදිංචිව සිටින අතර, එහිදී මේ සොරකම සිදුව තිබේ. ගිරූඩ් සහ ඔහුගේ පවුලේ අය නිවෙසේ නොසිටි අතර, ජනේලයක් කඩා ඇතුළු වූ සොරුන් සුඛෝපභෝගී ඔරලෝසු 10ක් සහ අනෙකුත් භාණ්ඩ ඇතුළු ආභරණ සොරකම් කළ බව වාර්තා වේ.
ගිරූඩ්ගේ බිරිඳ නිවෙසට පැමිණි විට භාණ්ඩ අතුරුදහන් වී ඇති බව දැක ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කොට තිබේ.
මෑත මාසවලදී එක්සත් ජනපදයේ සොරකමකට ගොදුරු වූ නවතම වෘත්තීය ක්රීඩකයා ගිරූඩ් වන අතර, මෙයට පෙර පැට්රික් මහෝම්ස්, ට්රැවිස් කෙල්ස් සහ ජෝ බරෝ මෙන්ම බාස්කට්බෝල් තරුවක් වූ තරු ලූකා ඩොන්චික් යන අයද සොරකම්වලට ගොදුරු වූහ.
ක්රීඩක ක්රීඩිකාවන් නව දෙනෙකුගේ නිවාස සොරකම් කිරීමට දකුණු අමෙරිකාවේ සංවිධානාත්මක සොරකම් කණ්ඩායම් වගකිව යුතු බව අමෙරිකානු බුද්ධි අංශ මේ වසර මුලදී නිවේදනයක් නිකුත් කළේය.