Home World News Room : පැනමා අර්බු­දය දිග්ගැ­ස්සෙයි – දිනමිණ

News Room : පැනමා අර්බු­දය දිග්ගැ­ස්සෙයි – දිනමිණ

0
0

පැනමා ඇළ ඇතුළු බට­හිර අර්ධ­ගෝ­ලයේ සිදු­වන චීන සහ හොංකොං ව්‍යාපා­ර­වල බල­පෑම් අවම කිරී­මට පිය­වර ගන්නා ලෙස අමෙ­රි­කාවේ නියෝ­ජිත මන්ත්‍රී මණ්ඩ­ලයේ ප්‍රවා­හන හා සමු­ද්‍රීය ආර­ක්ෂාව පිළි­බඳ අභ්‍ය­න්තර ආර­ක්ෂක උප­ක­මි­ටුවේ ප්‍රධානි කාලෝස් ජිමෙන්ස් රජ­යට අන­තුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පැනමා ඇළ අමෙ­රි­කා­වට අත්පත් කර­ගත යුතු බවට ඩොනල්ඩ් ට්‍රම්ප් ජන­පති පද­වියේ දිවු­රුම් දීමෙන් පසු කළ ප්‍රකා­ශය හේතු­වෙන් අමෙ­රි­කාව සහ පැන­මාව අතර මතුවූ අර්බු­දය එම අන­තුරු ඇඟ­වී­මෙන් තව­දු­ර­ටත් ඇදී යනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. පැනමා ඇළේ චීන බල­පෑම් වහාම අවම කිරී­මට පිය­වර නොගන්නේ නම් ඊට ප්‍රති­චාර දැක්වී­මට අමෙ­රි­කාව සූදා­නම් බවට පසු­ගි­යදා පැන­මාවේ සංචා­රය කළ අමෙ­රි­කාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැනමා නායක ජොස් රාවුල්ට අන­තුරු ඇඟවූ බවත්,  පැනමා ඇළ සම්බ­න්ධව උද්ගත වී ඇති අර්බු­දය පිළි­බඳ අමෙ­රි­කාව සමඟ සාකච්ඡා නොක­රන බවට ජොස් රාවුල් ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වේ. පැනමා ඇළ මාර්ගය චීන­යට ලබා දී ඇති බවට අමෙ­රි­කාව එල්ල කරන චෝද­නාව ද පැනමා නාය­කයා ප්‍රති­ක්ෂේප කර තිබිණි. අත්ලා­න්තික් හා පැසි­ෆික් සාගර එකට යා කර­මින් සිය­ව­ස­කට පමණ පෙර ඉදි කළ එම මුහුදු ගමන් මාර්ගය පැනමා රාජ්‍ය යටතේ පව­තින අතර,  බට­හිර සමු­ද්‍රීය වෙළෙඳ ක්ෂේත්‍රය තුළ අති­ශය වැද­ගත් ස්ථාන­යක් ද වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here